මේ වනවිට දිවයිනට බලපා ඇති වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට එම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල සිටින ජනතාව පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.