පල්ලෙකැලේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් පස් දෙනාගෙන් දෙදෙනෙක් දිය නාමින් සිටියදී අතුරුදන්ව තිබෙනවා. පොලිසියට අනුව ඔවුන් දියේ ගිලී මිය යන්නට ඇත.
සිකුරාදා පස්වරුවේ සිසුන් පස්දෙනා ජලාශයේ දිය නෑමට ගොස් ඇත.
පල්ලෙකැලේ ජනෝදාගම පදිංචි 13 හැවිරිදි අයේෂ් කුමාර් සහ 14 හැවිරිදි සුරේෂ් උමේන්ද්‍රයන් දෙදෙනා මෙලෙස අතුරුදන් වී ඇත.
මිතුරෙකුගේ උපන්දිනයක් සැමරීම සඳහා මෙම තරුණයින් පස්දෙනා ජලාශයේ දිය නෑමට ගොස් ඇත.
තරුණයන් මුහුදට ඇතුළු වූ ස්ථානය ආසන්නයේ බියර් කෑන් රැසක් සොයා ගැනීම නිසා ඔවුන් මත්පැන් පානය කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
පල්ලෙකැලේ පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අතුරුදන් වූ සිසුන් දෙදෙනා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් වික්ටෝරියා ජලාශය දෙසට වේගයෙන් ජලය ගලා ඒම හේතුවෙන් ඊයේ (31) පස්වරුව වනතුරුත් ඔවුන් පිළිබඳ කිසිදු සලකුණක් සොයා ගැනීමට නොහැකි විය.