දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.