අද (10) දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්. සිරිවර්ධන හා ඉන්දීය EXIM බැංකුව ඩොලර් ණය මාර්ගයක් ලබාගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපරනු වස් මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.
එයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ වූ අතර ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ එක්වී තිබෙනවා.