දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාව ද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.
ඒ අනුව අනෙකුත් රටවල් වන්නේ පකිස්ථානය, ටියුනීසියාව, චැඩ් සහ සැම්බියාවයයි.
එසේම ක්ෂණික ණය සහන නොමැතිව රටවල් 54 ක් දරිද්‍රතා මට්ටමි ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු අඟවා තිබෙනවා.
එම ජනතාවට කඩිනමින් ණය සහන අවශ්‍ය බවත් නැතහොත් ඔවුන් තවත් දුප්පත් විය හැකි බවයි ඔවුන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.