කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරය සඳහා අමාත්‍යවරයෙකු නම් කරන තෙක් කටයුතු කරනු ඇත.
2022 මැයි 9 වන දින කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු ශ්‍රී ලංකාව තවමත් මුදල් අමාත්‍යවරයෙකු නම් කර නොමැත. හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ පසු නැවතත් එම ධූරය භාරගන්නා ලෙස සිදුකල ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එම ධූරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ රට වෙනුවෙන් තමන් ගත් තීරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත සලකා බැලිය යුතු බවයි.