Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ක්‍රාකෝ; ඉතාලියේ අත් හරින ලද සාපලත් අත්භූත නගරය
History 10 Views

ක්‍රාකෝ; ඉතාලියේ අත් හරින ලද සාපලත් අත්භූත නගරය

Buzzer EditorBy Buzzer EditorNovember 9, 2022Updated:November 9, 2022No Comments5 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අද අපි මෙම ලිපියෙන් කතාකරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඉතාලියේ තියෙන මහ අද්භූත, සාපලත් නගරයක් ගැනයි අද අපි කියන්නේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කියවන්න පටන් ගමු ඒ ගැන.

1. මෙම නගරයේ පිහිටීම

මේ අද්භූත නගරය තියෙන්නේ ඉතාලියේ දකුණු කළාපයේ මතේරා පළාතේ. මේ නගරය හඳුන්වන්නේ ක්‍රාකෝ නමින්. නගරය ඉදි කරලා තියෙන්නේ කඳු මුදුනක. ඒකත් මේ නගරයේ තියෙන විශේෂත්වයක්. මේ කඳු මුදුන මීටර් 400ක විතර උසකින් යුක්තයි කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ කඳු මුදුන අසළ ගංගා නිම්නයකුත් පවතිනවා. ඒත් ඒ ගංගා නිම්නය මේ නගරයේ කොටසක් විදියට ගණන් ගැනෙන්නේ නෑ. ඒ වගේම මේ අවට ගස් වැල් නම් පිහිටලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒකත් මේ නගරයේ විශේෂත්වයක්.

02. නගරය ආශ්‍රිතව රූගත කර ඇති චිත්‍රපට

මේ ක්‍රාකෝ නගරය ආශ්‍රිතව රූගත කරලා තියෙන්නේ චිත්‍රපට විතරක් නෙමෙයි, ටෙලිනාට්‍යත් මෙහි නිපදවලා තියෙනවා. මේ ප්‍රදේශයේ අද්භූත පෙනුම ඒ තෝරාගැනීම් වලට බලපාපු ලොකුම හේතුව වෙන්න ඇති. 2004 නිකුත් වුණු “The Passion of the Christ” චිත්‍රපටයේ ජේසු තුමන්ව පවාදුන් ජුදාස් සියදිවි නසාගන්නා කඳුමුදුන විදියටත් මේ කඳුමුදුන යොදාගෙන තියෙනවා. ඒ වගේම La lupa (1953), King David (1985), The Nativity Story (2006), The Sun Also Shines at Night (1990) වැනි චිත්‍රපට සහ තව බොහෝ චිත්‍රපට මේ නගරයේ රූගතකරලා තියෙනවා. ඒ වගේම 2015දී පෙප්සි වෙළඳ දැන්වීමකටත් මේ නගරය යොදාගෙන තියෙනවා. O Rei do Gado (1996-1997) කියන බ්‍රසීලියානු ටෙලි නාට්‍යයත් මේ නගරයේ තමයි රූගත කරලා තියෙන්නේ.

03. ක්‍රි.පූ. කාලයේ සිට මෙහි ඉතිහාසය

මේ ක්‍රාකෝ නගරයේ ක්‍රි.පූ. 8 වන සියවසේ වගේ වළ දාලා තිබුණු සොහොන් කොත් රාශියක් මේ වන විට හොයාගෙන තියෙනවා. ක්‍රි.පූ. 540 දී වගේ වෙරළබඩ නගරයක් විදියට සළකන මෙතාපෝන්තො ඉඳලා අභ්‍යන්තරයට සංක්‍රමණය වූණු ග්‍රීකයෝ මෙම ප්‍රදේශයේ වාසය කළා කියලත් සැළකෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය ‘ග්‍රකූලුම්’ විදියට හඳුන්වලා තියෙනවා. ඒ වචනයේ අර්ථය ලතින් භාෂාවෙන් “කුඩා සීසාන කුඹුර” කියන එකයි.

04. ක්‍රාකෝ හි පාලනය

ක්‍රි.ව. 10 වන සියවසේ වගේ මේ නගරයේ හිටපු අගරදගුරු අර්නාල්දෝ සන්තකයේ තිබිච්චි නගරයක් විදියටයි මේ නගරය සැළකෙන්නේ. ඒ වගේම 1154 සිට 1168 කාලය වෙනකන් මෙය පාලනය කළේ නෝර්මන් සම්භවයක් තියෙන වංශාධිපතියෙකු වුණු එබේර්තෝන් වන අතර ඔහු මේ නගරයේ පළමු වැඩවසම් පාලනය ස්ථාපිත කළා. 1179 අවුරුද්දෙදී රොබෙර්තෝ කියන පාලකයා මේ නගරයේ ඉඩම් හිමියා බවට පත්වුණා. දෙවන ෆ්‍රෙඩ්රික් රජතුමා යටතේ මේ නගරය් වැදගත් හමුදා මධ්‍යස්ථානයක් බවට පත් කරල තියෙනව වගේම මේ නගරයේ තියෙන එක් කුළුණක් බන්ධනාගාරයක් විදියට භාවිතා කරල තියෙනවා කියලත් ජනප්‍රවාද වල තියෙනවා. 1276 අවුරුද්දේ වගේ මේ නගරයේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරල තිබ්බත් එහි ඉගැන්වීම් සිදු කරලා නෑ. 

05. 1656 වසංගතය

1200 ගණන් වලදී 500කට ආසන්න පිරිසක් වාසය කරපු මේ නගරයේ ජනගහණය1561 අවුරුද්ද වෙද්දී මේ නගරයේ 2,590 දක්වා වැඩි වෙලා තියනව. 15 වන සියවස වගේ වෙද්දි නගරය තුළ විශාල මාළිගාවන් හතරක් ඉදි කරලා තිබිල තියනවා. ඒවා කුළුණ අසළ මරොන්නෙ මාළිගාව, විශාල පල්ලිය අසල ග්‍රොස්සි මාළිගාව, රිජිරෝනේ දේපළ මත ඉදි වූ කර්බෝනේ මාළිගාව සහ සිමොනෙත්ති මාළිගාව කියන නම් වලින් හඳුන්වනවා. 1656 දී මේ නගරයේ අවසනාවන්ත ලෙස දරුණු වසංගතයක් පැතිර යනවා. ඒ නිසාම දහස් ගාණක් මිනිස්සු මැරෙනවා. ඒත් එක්කම ජනගහණයත් හිමීට අඩු වේගෙන ගිහින් තියනවා. මේ ක්‍රාකෝ නගරය අවාසනාවන්තයි කියලා හඳුන්වන්න මේ වසංගතයත් එක හේතුවක්. 

06. 18 සියවසෙන් පසු ක්‍රාකෝව

1799 අවුරුද්ද වගෙ වෙද්දි පර්තෙනොපේයා ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක මේ ක්‍රාකෝ නගරවාසීන් බෝර්බන් වැඩවසම් ක්‍රමයට යටත් වුණා. ඉනොචෙන්සොදි චේසරෙ නම් පාලකයා නැවත නාපෝලිය වෙත ගිහින් අධ්‍යාපනය ලබා පැමිණ මෙහි ස්වාධීන නගර සභාවක් ප්‍රවර්ධනය කරන්නට කටයුතු කළා. ජනරජ විප්ලවය මාස කිහිපයක් පුරා පැවතුණත් ක්‍රාකෝ නගරයට නැවත බෝර්බන් රාජාණ්ඩුව යටතට පත් වෙන්නයි සිද්ධ වුණේ. පසුව නගරය නැපෝලියන් වාඩිලෑමේ පාලනය යටතට පත් වූ අතර පිටුවහල්ව සිටි බෝර්බන් රජයේ සහාය ඇතිව බ්‍රිගේඩ් කණ්ඩායම් 1807 ජූලි 18 වන දින ක්‍රාකෝවට පහර දී ප්‍රංශ ගැති ප්‍රභූන් කොල්ලකෑමටත් ඝාතනයටත් ලක් කළා. 1815 වන විට මෙම නගරය දිස්ත්‍රික්ක දෙකකට බෙදීමට තීරණය කළා. තොරෙවේක්කි මාළිගාවට සහ ඒ කුළුණටත් යාබද උසම ප්‍රදේශය මෙන්ම සාන්ත නිකෝලා පල්ලියට යාබදව පිහිටි කාර්තුවේ දේව මාතා පල්ලියද තිබුණා. ඉතාලිය විදෙශිකයන් ගෙන් නිදහස් වුනාට පස්සේ 1861 දී කර්මිනි ක්‍රොක්කෝ ගේ නායකත්වයෙන් යුක්ත වුණු බ්‍රිගේඩ් කණ්ඩායම් ක්‍රාකෝව යටත් කර ගත්තා.

මේ ඔක්කොම ඉවර වුනත් අවාසනාවට මොවුන්ට ආපු තවත් ගැටළුව වුණේ මේ නගරය පිහිටලා තියෙන ස්ථානය ගැන ගැටළුව. මේ නිසා 1892 සිට 1922 දක්වා මේ නගර වාසීන් 1,300 කට වැඩි පිරිසක් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වුණා. ප්‍රධාන හේතුව වුණේ එහි පැවති දුර්වල කෘෂිකාර්මික තත්ත්වයන්. දිගින් දිගටම සිදුවූ නායයෑම් මාලාව හේතුවෙන් 1963 දී ක්‍රාකෝව ඉවත් කිරීමට පටන් ගත් අතර එහි වැසියන් ක්‍රාකෝ පෙස්කිඒරා නිම්නයට සංක්‍රමණය වුණා. 1972 දී ගංවතුර තත්ත්වයද තවදුරටත් මේ නගරයෙන් මිනිස්සු යන්න හේතුවක් වුණා. 1980 ඉර්පීනියා භූමිකම්පාවෙන් පස්සේ ක්‍රාකෝ වැසියන් එම පුරාණ භූමිය මුළුමනින්ම අත්හැර දැම්මා.

07. සාපලත් නගරයක් ලෙස පවසන්නේ කුමක් නිසාද?

දැන් මේ නගරය සාපලත් නගරයක් විදියට නගරයක් වෙන්නේ හේතු ඔබ දැනටමත් දන්නවා. 

2007 දී එක්සත් ජනපදයේ ක්‍රාකෝ හී විසූ සංක්‍රමණිකයන්ගෙන් පැවත එන්නන් “ක්‍රාකෝ සොසයිටි” නම් කිසිම ලාබයක් නොලබන සංවිධානයක් පිහිටුවා ගන්නවා. ඒකේ අරමුණ මේ නගරය රැක ගැනීම. ඒත් ඉතින් මේ මිනිස් වාසයක් නැති නගරය ආරක්ෂා කරන එකෙ වැදගත්කම මොකද්ද කියන එකත් එක්කරා විදියේ ප්‍රහේලිකාවක්. ඒ වගේම අර සොහොන් කොත් කාගේ වෙන්න පුළුවන්ද? මේ හැම ප්‍රශ්නයකට උත්තර දැන් හොයාගන්නත් අමාරුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ තරමක් අද්භූත දේවල් පවා සිද්ධවෙනවා කියලා කියනවා.(Lifie)

ටිකක් අද්භූත කතාවක් වුණත් මේකේ සැඟවුණු මොකක් හරි රහසක් ඇති. එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් තවත් වගේ නගර තියෙනවනම් පහතින් කමෙන්ටුවක් දාන්නත්‍ අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මුල්‍ය අකටයුතුකමක්
Next Article වනිඳු T20 පන්දු යවන්නන් අතර යළිත් පෙරමුණේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.