පක්ෂ නායකයින්ගේ තීරණ පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කැදවා තිබුණා.
පක්ෂ නායකයින් බහුතරයකගේ එකඟතාවය මත පහත සඳහන් ප්රධාන තීරණ හතරක් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුයි.
- වැඩබලන ජනාධිපතිවරයෙකු පත්කිරීමට දින හතකින් පාර්ලිමේන්තුව කැඳවයි.
- පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කරන්න.
- කෙටි කාලයක් තුළ මැතිවරණයක් කැඳවා අලුත් ආණ්ඩුවක් පත් කරන්න.
ජනාධිපතිවරයාට සහ අග්රාමාත්යවරයාට ඉල්ලා අස්විය යුතු බව පවසමින් කොළඹ පිහිටි ජනාධිපති නිල නිවස සහ කාර්යාලය ඇතුළු රාජ්ය ගොඩනැගිලි තුනකට මහජනතාව කඩා වැදීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.