දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වය සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ සහ බස්නාහිර සහ දකුණු පළාත්වල සුළගේ වේගය වැඩි විය හැක.
බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ සහ බස්නාහිර සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.