බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ගෝලීය වෙළෙඳපොළ මිලට අනුව දැනට පවතින ප්‍රවණතාවය ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් පහළ යාමක් පෙන්නුම් කරන බවයි.
විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ, මීළඟ ඉන්ධන මිල සංශෝධනයේදී ද ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
සෑම මසකම දෙවතාවක් ඉන්ධන මිල වෙනස් කිරීම ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සෑම මසකම 01 සහ 15 යන දෙදින රාත්‍රියේ ඉන්ධන මිල වෙනස් කිරීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඉන්ධන මිල අඩු කිරීමේ තීරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ විමසීමකදී අමාත්‍ය විජේසේකර කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය පිලිබඳ තීරණයක් ගත්තේ මැතිවරණයට සති කිහිපයකට පෙර බවයි.
ඉන්ධන බෙදාහරින්නන්ට 3% ක කොමිස් මුදලක් ලබා ගැනීමට අවසර දෙන අධිකරණ නියෝගයක් 2022 ජූලි 15 සිකුරාදා ඉවත දමා ඇත.