අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් – 5 (Yuan Wang-5) චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ අද උදෑසන පැමිණුනා.
විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරයෙන් අනතුරුව මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.
කෙසේවෙතත් අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී ඇති අතර ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.