දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා මීළඟට ඉදිරිපත් කරන අන්තර්කාලීන සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ.
වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා මෙම තීරණය ගත්බව හෙතෙම පැවසීය.
2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට ආ විගස දින සියයක් ඇතුළත රාජ්ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අසීරු අවස්ථාවේදී ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දැනුම් දී තිබේ.
මෙම රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අනුරුපීව පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිත බව සඳහන් වෙයි.