මුළු රටේම දැනටත් වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගාකිරීම සඳහා වසර 05ක කාලයකට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබදව සාකච්ජාවට ගත් බවයි එම අමාත්‍යාංශය සදහන් කර සිටියේ.