2024 අයවැය තෙවනවර කියවීම අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව අයවැය තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 81 ක් හිමි වුණා.
අයවැය තෙවන වර ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළිත් ජනවාරි 9 වන දින දක්වා කල් තැබුවා. 2024 වසරේ ජනවාරි 9 වනදා ඒ අනුව යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.