Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » යුද්ධ හමුදා සංවිධානයෙන් පැවති දීප ව්‍යාප්ත වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනින් සාර්ථක ප්‍රථිපල
News 3 Views

යුද්ධ හමුදා සංවිධානයෙන් පැවති දීප ව්‍යාප්ත වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනින් සාර්ථක ප්‍රථිපල

Buzzer EditorialBy Buzzer EditorialJuly 29, 2025No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් “තේමාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කල රට වටා වෙරළ පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (2025.07.29) දින ක්‍රියාත්මක කරන ලදි.

එම කාර්‍යය අද දින පෙරවරුවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයෙන් ආරම්භ කරන ලදි.

එම අවස්ථාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්පීසී සූගීශ්වර මහතා, පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලදාරීන්, ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් 600ක පමණ පිරිසක් සහභාගීවී ඇත.

දිවයින වටා වූ කිලෝ මීටර් 1,340 ක පමණ වෙරළ තීරය ආවරණය වන පරිදි පළාත් 5ක මුහුදු සිමාවට මායිම්වූ දිස්ත්‍රික්ක 14 ක් තුල පිහිටි ස්‍ථාන 253 ක් මුල් කරගනිමින් මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.

මෙහිදී ආරක්ෂක අංශ, පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සහ සිවිල් සංවිධාන, පරිසර සංවිධාන මෙන්ම දේශීය සහ විදේශීය පරිසර හිතකාමීන් ඇතුලු 20,000ක පමණ පිරිසකගේ සහයෝගයෙන් ටොන් 78ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතුකර නිසි කළමනාකරණයට යොමු කිරීමට හැකිවිය.

මෙම කාර්යය සඳහා සහය ලබා දුන් ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අංශ, පොලීසිය ඇතුළු රජයේ දෙපාර්තමේතු හා ආයතන වෙතත්, පුද්ගලික ආයතන වෙතිත් සහභාගී වූ තරුණ පිරිස ඇතුළු සියළුම ජනතාව වෙතත්, මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් සියලුම මාධ්‍ය ආයතන වෙතත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර, සුන්දර වෙරළක අත්දැකීම් මතු පරපුරටත් උරුම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන සඳහා ඉදිරියේදීත් දායක වන මෙන් යුද්ධ හමුදාව විසින් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනු ලැබේ.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමාලදිවයින් ආයෝජකයින්ට ජනපතිගෙන් ආරාධනාවක්
Next Article මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.