ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටු හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආර්කන්සාස් සහ කෙන්ටකි යන ජනපදවලටය. සුළි කුණාටුවලින් වැඩිම හානියක් සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයටය.
කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂීර් ජනපදයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද පැවැසෙයි. ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ වූ බවත්, ගුවන් ගමන් වාර කීපයක් නැවැත්වීමට සිදුවුණු බවත් පැවැසෙයි. නිවාස රැසකට හානි සිදු වී ඇති වී ඇති බවත්, විදුලි බල සැලැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. (AFP)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.