Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
Financial 2 Views

රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

Buzzer EditorialBy Buzzer EditorialMay 18, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ රුපියල මත පීඩනයක් එල්ල වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.8කින් අවප්‍රමාණය වී ඇති අතර, ඉන්දියානු රුපියල සියයට 6.4කින්, නේපාල රුපියල සියයට 6.2කින් සහ ඉන්දුනිසියානු මුදල් ඒකකය සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇති බවය.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන අතර, තෙල් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින රටවල් රැසකටම පොදුවේ බලපා ඇති ගෝලීය ආර්ථික කම්පනයක ප්‍රතිඵලයක් බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වූයේ රට තුළ පැවති විශේෂිත ආර්ථික ගැටලු හේතුවෙන් බවත්, වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස්ව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති වූ බලපෑම් සමඟ සම්බන්ධ බවත් ඔහු පැවසීය.

විනිමය අනුපාතයේ වෙනස්වීම් පමණක් පදනම් කරගෙන රටක ආර්ථිකය කඩා වැටී ඇති බවට නිගමනය කිරීම නිවැරදි නොවන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“අපි වගේම තෙල් ආනයනයකරලා ගන්න රටවල් තියෙනවා. දැන් අපේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ මේ වසර තුළ  4.8% කින්, ඉන්දියන් රුපියල 6.4%කින්, නේපාල් රුපියල 6.2කින් ඉන්දුනිසියන් රුපියල 5.2%කින් එතකොට මේක බැලුවාම පැහැදිලිව පේනවා මේ තියෙන අවප්‍රමාණයවීම ප්‍රධාන වශයෙන්ම මේ හා සමාන අනෙක් රටවලටත් පොදු දෙයක්. එ හා සමානව මේක වෙලා තියෙන්නේ. ඊට වැඩිය වෙනස් විදිහකට නෙමෙයි. ඒකට හේතුව තමයි බහුතරයක් තෙල් සම්පූර්ණයෙන්ම ආනයනය කරලා ඒ වියදම වැඩි රටවල්. 

2022 වසරේදී තිබුණ තත්ත්වයකදී වුණේ අපේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා ලංකාවට පමණක් බලපාන හේතුනිසා ඒක ගෝලිය තත්ත්වයන් නිසා නෙමෙයි. දැන්වෙලා තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව තියෙන්නේ අනෙකුත් යම් කිසි ආකාරයක සංසන්දනාත්මක රටවල් අතර යම් ආකාරයක එක මට්ටමක තියෙනවා. එතකොට ඒක බාහිර කම්පන මත සිදුවන දෙයක්.

අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට විනිමය අනුපාත මත සමහර විශ්ලේශකයෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, අපි දකිනවා විනිමය අනුපාත අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එක. අපේ ප්‍රධාන මාධ්‍යවේදීයෝ එහෙම කරන්නේ නැහැ. දැන් ඉන්දියානු රුපියල ඉතිහාසයේ අඩුම අගයේ තියෙන්නේ, ඉන්දුනිසායානු රුපියල අද දිනයේ ඉතිහාසයේ අඩුම අගයට වාර්තා වෙලා තියෙනවා. නමුත් එකෙන් කියන්නේ නැහැ, ඒ රටවල ආර්ථිකය කඩා වැටෙනවා, අවිනිශ්චිතයි කියලා. ඒක වැරදි මතකයක්. විනිමය අනුපාතයක් දිහා බලලා රටක ආර්ථිකය හොඳද නරකද කියලා කියන්න අමාරුයි. එකේ දෙපැත්තක් තියෙනවා.”

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි
Next Article වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 950,000 පනී
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.