අද (25) දිනයේත් QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA) අධ්යක්ෂ දසුන් හෑගොඩ පවසනවා.
නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, ලැබෙන ප්‍රතිචාර අනුව පද්ධතිය වැඩිදියුණු කර ඉදිරි දින කිහිපයේ දී එය දිවයින පුරා භාවිතයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මීට පෙර අද දිනයේ සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනා.