දිනෙන් දින ඔඩුදුවන ඊශ්රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, දරුවකුට ජීවත් වීමට ලෝකයේ ඇති භායනකම සහ අනතුරුදායකම ස්ථානය ගාසා තීරය බවය.
ඊශ්රායල ප්රහාර හේතුවෙන්, ගාසා තීරය මේවනවිට අමු සොහොනක් බවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
ගාසා තීරයේ ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති බවත්, ගාසා තීරයේ පලස්තීන කාන්තාවන් සහ දරුවන් ඉතා දුක්ඛිත ජීවිත ගතකරන බවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.