ශ්‍රී ලංකාවට අනුමත කර ඇති විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ එම වැඩසටහනේ තුන්වන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීම හා සිව්වන වාරිකය අනුමත කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ලබන 28 වැනිදා රැස්වීමට නියමිතය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333 ක සිව්වැනි වාරිකය නිදහස් කරගැනීමට අවශ්‍ය අනුමැතිය හිමිවෙයි.
මෙහිදී මෙවර අයවැය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට පනවන ලද ආර්ථික සංවර්ධන පරාමිතීන්වලට අනුකූල ද යන්න පිළිබඳව ද සළකා බැලෙනු ඇතැයි පැවසේ.