Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රාජ්‍ය සේවක වැටුප් සූත්‍රය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
News 4 Views

රාජ්‍ය සේවක වැටුප් සූත්‍රය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Buzzer EditorialBy Buzzer EditorialFebruary 18, 2025No Comments4 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවය. 

අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩුකර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වන දා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුපට එක්වෙන බවය.

“මුලික වැටුප රු 15,750ක් දක්වා වැඩි වෙනකොට අපි හංගලා නෑ. අපි කියලා තියෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා. 

බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ. 

ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා.”

ඒ වගේම රාජ්‍ය සේවයේ සෑමකෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩිවෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා.

ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN – 1 – රු 28,940  වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රු 40,000 බේසික් එකට 17,500 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩි විම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.

මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු 54,290යි. එය රු 91,750 දක්වා බේසික් එක වැඩිවෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි එකෙන් 7,500ක් අඩු කරාම රු 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩිවීමෙන් රු 7,500ක් අඩුකරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රු 13,988කින් වැඩිවෙනවා.

දැන් පැයකට ගෙවන්නේ රු 687යි. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රු 764ක් වෙනවා.” 

ඊයේ (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කළ කතාව පහතින්,

“අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා. 

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.

රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.

මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි   සියයට 70,  2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ  ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා.

එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 

මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට  රුපියල් 400,000 දක්වා ඉහළ නංවනවා. වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමුණුම V තාක්ෂණික සටහනෙහි දක්වා තිබෙනවා.”
 

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලංකාව ගැන තීරණයක් ගන්න IMF රැස්වීමක් මේ මස අවසානයේ
Next Article 58 වන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්.
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.