ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවෙමින් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිවේදනයක් නිකුත් කරමින් සටහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහාය දක්වන වැඩපිළිවෙලක් සම්බන්ධව සාකච්ඡා නැවත පටන්ගැනීමට ඉඩහසර සකසා දීම සඳහා වර්තමාන තත්ත්වය නිරවුල් කර ගැනීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
මෙරට ජනතාවට, විශේෂයෙන්ම දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට පවතින ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් ප්‍රතිපත්තිවලට අනුකූලව දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවී සිටින බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා තවදුරටත් පවත්වමින් ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.