ආචාර්ය හර්ෂ ද සිල්වා IMF ණය ලබාගැනීම සම්බන්දව ඔහුගේ නවතම අදහස දක්වා සිටියා. ඒ අනුව ඔහු කියා සිටිනුයේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසු නොවන බවයි.
ඒ වාගේම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට මේ වසර අවසානය වනතෙක් බලාසිටීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එළඹෙන සති කිහිපයේදී IMF කාර්යමණ්ඩල මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන බවත් ඉන් පසු කාර්යමණ්ඩල ගිවිසුමකට අත්සන් කරන අතර ඒ සඳහාද මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මූල්‍ය පහසුකම ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ අනුමැතිය ලබාගත යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනස්කම් රාශියක් කිරීමට සිදුවන අතර ඒ අනුව රජයේ ආදයම් වැඩි කර ගැනීම, වියදම් අඩු කිරීම, සහනාධාර සලකා බැලීමට සිදුවන බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.