ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි. හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දුන්නේ හමාස් සන්නද්ධ අංශ සාමාජිකයෝය. එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල දරුවන් ගෙල සිඳ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කළ බවටත් ඊශ්‍රායල රජය චෝදනා කරයි.
ඊශ්‍රායල මාධ්‍ය හරහාස් සමාජ මාධ්‍ය හරහාත් හමාස් සටන්කාමීන්ගේ අමානුෂික ප්‍රහාර පිළිබඳ පුවත් පළ වී තිබේ. හමාස් සංවිධානයේ දේශපාලනික අංශයේ ප්‍රකාශක එසාත් අල් රිෂ්ක් පවසා ඇත්තේ, කම සටන්කාමීන් එසේ අමානුෂික ආකාරයට පහර දීම් සිදු නොකළ බවය.
මේ අතර පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවුණු හමාස් සටන්කාමීන් අල්ලා ගෙන, බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් මුදා හැරීමට ද හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කර තිබේ. (අල් ජසීරා)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.