පළාත් මට්ටමින් සිදුකරන සංකේත වැඩ වර්ජන මාලාව යටතේ අද දිනයේ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩවර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද දිනයේ උතුරු පළාතේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
කෙසේ නමුත් වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ඌව පළාතේ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්වල සහ ළමා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.