Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා සහයෝගීතාවය වැදගත් වේ
Financial 4 Views

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා සහයෝගීතාවය වැදගත් වේ

Buzzer EditorBy Buzzer EditorJuly 11, 2023No Comments3 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදුකළ විශේෂ මාධ්‍ය හමුවක් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ කොළඹ දී සිදුකළ සංචාරයකදී පැවැත්විණි.

ඔහුගේ මෙම සංචාරය සිදුවූයේ පසුගිය මැයි මස මුලදී වාලච්චේන ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ඕස්ට්‍රේලියානු රජය විසින් සිදුකළ ස්වෛරී දේශසීමා මෙහෙයුමකින් පසු මෙරටට හරවා එවීමෙන් අනතුරුවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස් මහතා මෙසේ පැවසීය. “නීතිවිරෝධී මිනිස් ජාවාරම් මැඬලීම උදෙසා ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය ඉතා වටිනවා. මෑතකදී දෙපාර්ශවය එක්ව සිදුකරන ලද අන්තර්නිරෝධනය එයට කදිම සාක්ෂියක්. එම ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ අදහස් දැක්වීය. මෙම නීතිවිරෝධී සංචාරවල ඇති අනතුරුදායක බව සහ ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කම එම මැඬලීමේ මෙහෙයුම් මඟින් අපට අනාවරණය වුණා.”

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සමග සම්බන්ධ වී සිටි අතර නීති විරෝධි මිනිස් සංක්‍රමණ පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ඔහු එහිදී මෙසේ ඉදිරිපත් කළේය. “ජනතාව දුක් මහන්සියෙන් උපයාගත් ඉතුරුම් මෙවැනි නීතිවිරෝධි මිනිස් සංක්‍රමණ සඳහා යෙදවීමට පෙළඹෙන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් එම නීතිවිරෝධී සංක්‍රමණ සාර්ථක වන බවට පවසන බොරු විශ්වාස කිරීම නිසායි. එහෙත් ඒවා කිසිසේත්ම සිදු නොවන හුදෙක් වංචාකාරී ක්‍රියාවන් බව අප ජනතාවට අවබෝධ කරවිය යුතුයි. මෙවැනි ප්‍රජා දැනුවත් කිරීම් හරහා අප ඔවුන්ට එහි ඇති අනතුරුදායක බව සහ නෛතික පසුබිම පිළිබඳව සත්‍ය අවබෝධය ලබාදීම ඉතා අත්‍යවශ්‍ය කරුණක්.”

මෙහිදී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නීතිවිරෝධී මුහුදු ජාවාරම් වැළැක්වීම සහ මැඬලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින හවුල්කාරිත්වයේ සඵලතාවය ඇගයීමට ලක් කරමින් මෙසේ සඳහන් කළේය. “පුද්ගල ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඕස්ට්‍රේලියාව සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම නැවැත්වීම අපගේ අරමුණයි.”

මෙම සබඳතාවයේ සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන එක් අංගයක් ලෙස නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහි ඕස්ට්‍රේලියානු රජයේ ‘Zero Chance’ සන්නිවේදන ව්‍යාපාරය දැක්විය හැකිය. එය වෙළෙඳ ප්‍රචාරණ සහ ප්‍රජා සම්බන්ධීකරණ නාලිකා රාශියක් හරහා රට පුරාම සාර්ථකත්ව බෙදා හැරීම සිදු කෙරිණි. එම සන්නිවේදන ව්‍යාපාරය හරහා ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති , නීතිවිරෝධී සංක්‍රමණ සහ මුහුදු ගමන්වල ඇති අනතුරුදායක බව පිළිබඳව නීතිවිරෝධී සංක්‍රමණිකයන් දැනුවත් කිරීම මෙන්ම මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් ආදි කරුණු රැසක් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරයි.

මෑත කාලීනව සිදු කරන ලද ප්‍රජා පාදක පර්යේෂණ මඟින් ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අතර ඉහළ මට්ටමක දැනුවත්භාවයක් ඇති බව පැහැදිලි වූවද අනවසර මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කිරීමේ නීතිමය ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ විවිධ මට්ටමේ දැනුම පරාසයන් බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සමීක්ෂණයට ලක් වූවන්ගෙන් පුද්ගලයන් 97% දෙනෙකුටම නීතිවිරෝධී සමුද්‍ර සංක්‍රමණය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි අවබෝධයක් තිබුණා. මෙවැනි මට්ටමක පවතින දැනුවත්භාවය තුළින් අපට පසක් වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ-ආර්ථික කණ්ඩායම් වෙත Zero Chance පණිවිඩය ව්‍යාප්ත කිරීම සඳහා අපගේ ශ්‍රී ලාංකික හවුල්කරුවන් දක්වා ඇති කැපවීමයි. එහෙත් මේ පිළිබඳව සිදුකරන අපගේ ඒකාබද්ධ වැඩ කටයුතු කිසිදිනක නතර වෙන්නේ නැහැ. එවැනි භයානක ගමන්වල නිෂ්ඵල බව සහ අනතුරුදාය බව කොතෙක්දැයි මට අවධාරණය කළ නොහැකි තරම්. එවැනි නීතිවිරෝධී සමුද්‍ර සංක්‍රමණයක් සාර්ථතක වීමට ඇත්තේ ශුන්‍ය අවස්ථාවක් .”

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.australia.gov.au/zerochance වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකෘත්‍රිම බුද්ධිය (AI) 6-10 ශ්‍රේණි විෂය නිර්දේශයන්ට ඇතුල් කිරීමට සැලසුම්
Next Article තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර – රංජිත් සියඹලාපිටිය
Buzzer Editor
  • Facebook

Related Posts

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 19, 20262 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

By Buzzer EditorialJune 19, 202602 Views

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති…

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.