අන්තර්ජාල පුවත් වෙබ් අඩවි අතර, “විශ්වාසනීය සහ සත්‍ය වූ නිල පුවත්” සපයන Buzzer රජයේ නිළ පුවත් වෙබ් අඩවියක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා නම් කරනු ලැබුවා.
වර්තමානයේ අන්තර්ජාලය තුල සැරිසරන පුවත් කොතරම් සත්‍ය සහ විශ්වසනීය ද යන්න පාඨකයාට කුතුහලයක් දනවන කාලරාමුවක Buzzer.lk අපි අපගේ පාඨකයන්ට “විශ්වාසනීය සහ සත්‍යාපනය (Fact Checked) වූ නිල පුවත්” සපයන්නට ඉදිරියටත් කටයුතු කිරීමේ අපගේ බලාපොරොත්තුවයි.
Buzzer මාධ්‍ය ජාලය ඉදිරියේදී තවත් නවමු අත්දැකීම් රාශියක් ඔබවෙත ගෙනෙන්නට බලාපොරොත්තුවන අතර දේශපාලන තොරතුරු සිට ඔබගේ ජිවන රටාවේ නව අත්දැකීම් දක්වා සියලු තොරතුරු ඉදිරියේදී Buzzer තුලින් රැගෙන එන්නට අපි කටයුතු කරමු.
පසුගිය කාලය පුරා පාඨක ඔබ අප ගැන තැබූ විශ්වාසය එළෙසම ඉදිරියත් නොවෙනස්ව පවතින අතර ඔබගේ දිරිමත් කිරීම අපගේ ජයග්‍රහණයට විශාල පිටුබලයක් බව කියන්නේ අප්‍රමාණ සතුටකිනි.
ස්තුතියි…!