Author: Buzzer Editorial

ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුව ඇති යුදමය තත්ත්වයන් සම්බන්ධව ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ එම කලාපයන් හී පදිංචිව සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග නිතිපතා සම්බන්ධතා පවත්වන ලෙස දැඩිව උපදෙස් ලබා දී ඇති බවය. ඒ අනුව මෙම කාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා සහාය වීමට සඳහා පැය 24 පුරාවට හදිසි සම්බන්ධතා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස මැද පෙරදිග සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත උපදෙස් ලබා දී…

Read More

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය. ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්. මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ ‘ක්‍රිකට් ලෝක කුසලාන සාපය’ නිමාකිරීමට බවුමාගේ නායකත්වයට හැකිවිය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ 4වන දිනය වූ අද දිනය තරගයට ආරම්භ කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පසුපසින් පසුවිය. ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ ඒඩියන් මාක්‍රම් පන්දු 207කට…

Read More

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහනක් ඔස්සේ අලුත් වටිනාකමක් සහිත රටක් සමඟින්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් නව බලාරොරොත්තුවක් මිනිසුන් හමුවේ තබා ඇත. මේ පරිවර්තනීය වෙනස වෙනුවෙන් රටේ දැනට පවතින නීතිරීති වෙනස් කිරීම පමණක් නොව මිනිසුන්ගේ චින්තන රටාවද, හැදියාවද වෙනස් කළ යුතුව ඇත. එසේ නොවනතාක් කල් සිදුවන්නේ වර්තමානයේ යුද්ධ හමුදාවට සිදුව ඇති දෙය මිස අන් කිසිවක් නොවේ. යුද හමුදාපති වශයෙන් ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පත්වන්නේ 2024 දෙසැම්බර් 31 දාය. ඒ කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීමට හරියටම දවසකට පෙරය. ඒ අනුව හමුදාපතිවරයාගේ පළමු නිල කටයුත්ත වූයේ ක්ලීන් ශ්‍රීලංකා…

Read More

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

Read More

මෙරට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා වන සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අදාල බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනයකර අවසන් වූ පසු අමෙරිකානු ඩොලර් මිලියන 344 ක ණය මුදලක් ලබා ගැනීමට අදාල අනුමැතිය ශ්‍රී ලංකාවට හිමි වන බවයි. ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව සඳහන් කළාය. 2025 අප්‍රේල් 25 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට…

Read More

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි. මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Read More

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එම ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

Read More

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර තිබේ. ඒ, මැයි 22 වැනිදා සිට පසුගිය 7 වැනිදා දක්වා කාලය තුළයි. ඒ සදහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇතැයි රේගුව සඳහන් කළේ ය. ඉන්, රුපියල් මිලියන 720ක් ගෙවා ඇත්තේ, බදු ලෙසයි. පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 30000 කි.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

Read More

ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ බව ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය පවසයි. ගුවන් අනතුර සම්බන්ධයෙන් X සටහනක් තබමින් එහි සභාපති එන්.චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර ඇත. ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණි. එයාර් ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් ඊයේ අහමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනකු සමඟිනි. යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පස්වරු 6.25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබුණි. කාර්යමණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගීන් 230…

Read More