Author: Buzzer Editorial

තමා ලබන මාසයේදී ජනාධිපති ධුරයට පත් වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රතිඥාවක් දුන්නේය. ඔහු මෙම ප්‍රතිඥාව දුන්නේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. ඔහු එහිදී සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී ඇතත් එය කිසිවිටෙකත් ඉටු නොකළ බවයි. තමන් එය සිදු කර ව්‍යවස්ථාදායකය පදනම් කරගත් ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔහු පැවසීය.

Read More

නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.…

Read More

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයින්ගේ නම්, ඔවුන්ට පවරා ඇති සංකේත සහ ඔවුන් ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙල ඇතුළත් වේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මිහිපිට අපායක් බවට පත් වුණු ගාසා තීරයෙන් වසර 25 කට පසු පෝලියෝ වයිරස ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනවයක දැක්වෙයි. ගාසා තීරයෙන් වාර්තා වන්නේ නව පෝලියෝ ප්‍රභේදයක් වීම ද විශේෂත්වයකි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට, ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන්ට එන්නත්කරණ කටයුතු සිදු නොවන අතර, මෙය පෝලියෝ වසංගත තත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත.

Read More

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් බැහැදැක තිබේ. බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ඊයේ සිදුව ඇති මෙම හමුවේදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අනුර කුමාර දිසානායක අගරදගුරුතුමන් සමග සාකච්ඡා කර ඇත. ජාතික ජන බලවේගය පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු උන්වහන්සේගේ ආශීර්වාදය ද ලබා ගත් බවයි. මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ද එක්ව තිබිණි.

Read More

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම මත තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළාය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකින් අනතුරුව ආරම්භ කරන බවත් මැතිවරණ නීතිය අනුව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට තමාට තහනම් බවත් ඇය කියා සිටියි. මෙවර ජන්ද පත්‍රිකාවේ දිග අවසන් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට වඩා අගලකින් වැඩිවන බවද ඇය සඳහන් කරන්නීය. ජන්ද පත්‍රිකා මුද්‍රණයට කාර්ය මණ්ඩලයේ සිටින 1200ක පමණ පිරිසම යොදා ගනු ලබන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මාතර අකුරැස්සේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන තෙවැනි රැළිය සඳහා ඒ මහතා එක් වී සිය සහයෝගය පළ කරන ලදී.

Read More

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මූල්‍ය නිරීක්ෂණ මාර්ගගත මෙවලමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්ථාපිත කර තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (කැෆේ), මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV), Hashtag Generation සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක්ඒ සඳහා මැදිහත් වේ තිබේ. 2023 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම, දැනුවත් ඡන්ද තීරණ ගැනීමට පුරවැසියන්ට අත්‍යවශ්‍ය තොරතුරු බල ගැන්වීම, ජනාධිපති අපේක්ෂකයන් අතර සම මට්ටමේ ක්‍රීඩා පිටියක් සහතික කිරීම, රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන සාධාරණ සහ…

Read More

දීප ව්‍යාප්ත ‘වන අලි සංගණනය’ අද (17) ආරම්භ කෙරුණා. මෙම සංගණනයේ මූලික අරමුණ වන්නේ මෙරට වන අලි සංරක්ෂණය කිරීමට අදාලව කළමනාකරණ කටයුතු සිදුකිරීමයි. මෙරට අවසන්වරට වන අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි. එහි ප්‍රතිඵල අනුව සඳහන් වූයේ මෙරට වනාන්තරවල වන අලින් 5879 දෙනෙකු වෙසෙන වන බවයි. දීප ව්‍යාප්ත සංගණනයට අදාළව අනුරාධපුර වනජීවී කලාපය තුළ සිදුකෙරන සංගණනය සදහා නිලධාරින් 1310 ක් යොදාගන්නා බවයි අනුරාධපුර කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා සදහන් කළේ. ඒ අනුව අනුරාධපුර කලාපය තුළ ස්ථාන 623 ක නිලධාරීන් රඳවමින් සංගණනය සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. සංගණනයේ පහසුව සදහා අනුරාධපුර වනජීවී කලාපය කලාප පහකට…

Read More