- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම කොට්ඨාස අපරාධ පරීක්ෂක කාර්යාංශය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම යතුරු පැදිය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් දෙලක්‍ෂ අනූ අටදහස් තුන්සීයක් (298,300) පමණ වෙතැයි විශ්වාස කෙරේ. …
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඩිජිටල් පරිවතනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබා ගැනීම දිරිමත් කර ඇතැයි රජය පවසනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ව්‍යාපෘති නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM…
රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිසම සඳහන් කළේ, ඉඩමේ පිහිටි සැලැස්ම ප්‍රදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට නීති මඟින් කටයුතු නොකර සිටීම සහ එය කඩා ඉවත් නොකිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවය. ප්‍රථමයෙන් එම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 350,000ක මුදලක් ඉල්ලා ඇතත් පසුව එය ලක්ෂයක් දක්වා අඩු කර නැවතත් එම මුදල රුපියල් 60,000ක් දක්වා අඩු කර ඇති බව සඳහන්ය. කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කරච්චිය ප්‍රදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී…
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, “විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබට වෙන්කළ දිනයේ ඔබගේ සහතික නිලධාරියා විසින් ඔබට වෙන්කරන ලද කාලය තුළදී ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න. යම් ලෙසකින් ඔබට නියමිත දිනයේ…
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි . ඒ අනුව, සාමාන්‍ය සෙබල / සාමාන්‍ය නැවි / ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) ෙපෙරවරුවේ විවෘත කෙරිණ. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ. ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සඳහා ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන ද සහිත වේ. මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය. පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලන මහතෙකු එක් නොකර තිබීම විශේෂයකි. අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු…
පසුගියදා සමාජ මාධ්‍යයයේ තමන් සම්බන්දයෙන් හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අද අදහස් පළ කළේය. එහිදී මාධ්‍යවේදීන් මරික්කාර් මන්ත්‍රීවරයාත් ඉදිර්යේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙනවාදැයි ප්‍රශ්න කළ අතර මාධ්‍යවේදීන්ට මරික්කාර් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද දින (2024 සැප්තැම්බර් 03) කටයුතු කෙරිණි. ගාල්ල ධීවර වරායෙන් 2024 අගෝස්තු මස 25 වන දින ධීවරයින් හත්දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක IMUL – A- 0690 – GLE දරණ “නිහතමානි 01“ නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අද දින (2024 සැප්තැම්බර් 03) අළුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කල නෞකාවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාව එම මුහුදේ පෙරලී ආපදාවට පත්ව ධීවරයින් තිදෙනෙකු…
වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම පැවසීය. මෙහිදී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසිය විසින් දැන්වීම් ගලවා ඉවත්කිරීමේදී එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට වුවද හානි සිදුවිය හැකි බවය. එනිසා පොලීසිය මැදිහත්ව එම කටයුත්ත සිදුකිරීමට පෙර වාහන හිමිකරුවන්ම ඒවා ඉවත්කරගන්නා ලෙසද ඔහු දන්වා සිටියේය. “අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම.…

