Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්තයේ දී ජය පැන් සොයති
Sports 2 Views

ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්තයේ දී ජය පැන් සොයති

Buzzer EditorialBy Buzzer EditorialSeptember 9, 2024No Comments4 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එංගලන්ත ගිම්හානයේ අවසන් බලාපොරොත්තුව සුනු විසුණු කිරීමේ අරමුණ ඇතිව, සැලසුම් සහගත ගමනක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට ලකුණු 125 ක් මෑතින් සිටී. ලකුණු 219 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ තුන්වැනි දිනය වූ අද (8 වැනිදා) සවස 6.45 ට පමණ පැවැති මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේය. 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (නොදැවී 53) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 30) ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටියහ. 

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමාකිරීමෙන් පසුව පිති අතට ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පැතුම් නිස්සංක ආරම්භයේ සිටම අලංකාර ඩ්‍රයිව් පහර වලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කරන්නට විය. ඉහළම ගනයේ පිතිකරුවන් පමණක් සතුව පවතින ‘ඔන් ඩ්‍රයිව්’ පහර කිහිපයකින්ම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ නිස්සංක පන්දු 52 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පළමු ඉනිමේදීත් ලකුණු 64 ක් ලබාගත් නිස්සංක, අද සවස් යාමයේ කළ පිතිහරඹය නිසා එංගලන්ත නායක ඔලී පෝප් දෙලොවක් අතර අතරමං විය. 

ඔලීට ආරක්‍ෂාකර ගන්නට ඇත්තේ ලකුණු 218 කි. ඒ වෙනුවෙන් ආක්‍රමණශීලී පිටියක් සකස් කරමින් කඩුලු දවාගන්නවා විනා විකල්පයක් එංගලන්ත නායකයාට ඇත්තේම නැත. එහෙත් ඒ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් නිස්සංක, මුහුණ දුන් පන්දු 44 න් හතක්ම හතරේ සීමාවෙන් එපිටට යැව්වේ එංගලන්ත නායකයාගේ නළලත රැළි නංවමිනි. 

අද පස්වරුවේ පන්දු 6 ක් ඇතුළතදී එංගලන්තයේ හොඳම පිතිකරුවන් දෙදෙනා වන ජෝ රූට් (12) සහ හැරී බෲක් (3) එකම ආකාරයෙන් ආපසු ක්‍රීඩාගාරයට යැවූ විශ්ව ප්‍රනාන්දු, අනපේක්‍ෂිත මොහොතකදී තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත ඇද දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් එංගලන්ත දෙවැනි ඉනිමේදී කඩුලු 7 ක් ලකුණු 82 කට බිඳ වැටිණ. කෙසේ වෙතත් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජැමී ස්මිත් (67) සහ ඔලී ස්ටෝන් (10) දෙදෙනා සටන්කාමී ඉසව්වකට එංගලන්තය කැඳවාගෙ ගියහ. 

විශ්ව ප්‍රනාන්දු (40/3) සහ ළහිරු කුමාර (21/4) කළ සුවිශේෂී පන්දු යැවීම හමුවේ එංගලන්තය ලකුණු 156 කට දැවී ගියේය. ඒ වන විටත් වරින් වර දෙපිල වෙතම නැඹුරු වෙමින් වුවද, තරගයේ වාසිය දෙපිල අතර සමාන්තර ගමනක යෙදී සිටියේය. 

එංගලන්තය මෙම සහනදායි ඉසව්ව වෙත කැඳවාගෙන ගිය ජැමී ස්මිත්ගේ 6 වැනි ටෙස්ට් තරගය මෙයයි. එහෙත් එම තරග 6 දී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් ද ඇතුළුව ලකුණු 487 ක් ලබාසිටින කඩුලු රකින්නා, අද ලකුණු 67 ක් ලබාගත්තේ පන්දු 50 කිනි. හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ස්මිත්ගේ ඉනිමට ඇතුළත් වී තිබිණ. 

අද පස්වරුව, ධනංජය ද සිල්වාගේ උපායශීලී පන්දු යවන්නන් හැසිරවීම වෙසෙසින්ම කැපී පෙනුණු හෝරා දෙකක් විය. ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යවමින් සිටියදී වූවත්, වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු කැඳවූ ධනංජය, වමත්කාරයාගේ පළමු ඕවර දෙකේදී තමන්ට අවශ්‍යම කඩුලු දෙක දවාගත්තේය. ජෝ රූට් මෙන්ම එංගලන්තයේ අනාගතය වන හැරී බෲක් ද දැවී ගියේ එකම ආකාරයෙනි. පසුව ශ්‍රී ලංකා පිලට තර්ජනයක් වෙමින් සිටි ජැමී ස්මිත් පිටියෙන් ඉවත් කිරීමට ද විශ්වට හැකි විය. 

තරගයේ සම්පූර්ණ දින දෙකකටත් වැඩි කාලයක් ඉතිරිව තිබියදීත් එංගලන්ත පිතිකරුවෝ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූහ. ඩැනියෙල් ලෝරන්ස් පන්දු 35 කින් ලකුණු 35 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවෝත් නොබියවම ‘බස්බෝල්’ ක්‍රිකට් ගැසූහ. එහෙත් විශ්ව ප්‍රනාන්දු විසින් ජෝ රූට් සහ හැරී බෲක් දෙදෙනා දවාගැනීමත්, ඉන් පසුව ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය. 

තත්ත්වය අවදානම් සහගත වූවත්, පසුපස බැලුවේ ජැමී ස්මිත් නොවේ. ක්‍රීඩාගාරයෙන් උපදෙස් ලැබී තිබූ ආකාරයක් පෙන්නුම් කළ ස්මිත්, පන්දුව දුටු තැන පහර දුන්නේ එක්දින තරගයක් සිහිපත් කරමිනි. කෙසේ වෙතත් මුල් ඉනිමේදී දැවී ගිය ආකාරයෙන්ම දෙවැනි ඉනිමේදීත් මිඩ් ඔන්’ හි සිටි කුසල් මෙන්ඩිස්ට පහසු උඩපන්දුවක් දුන් ස්මිත් පිටියෙන් ඉවත්ව ගියේ එංගලන්ත කණ්ඩායමේ වාසිය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන යමිනි. 

එංගලන්ත ලකුණු සංඛ්‍යාව කඩුලු 6 ට 70 ක්ව තිබියදී දිනේෂ් චන්දිමාල් පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඉදිරිපෙළ කඩුලු රකින්නකු වන කුසල් මෙන්ඩිස් පිටියේ සිටියදීත් අතිරේක ක්‍රීඩක නිශාන් මධුෂ්ක අත් ආවරණ පැළඳ පිටියට පිවිසෙමින් කඩුල්ල පිටුපස රාජකාරිය බාරගත්තේය. 

සෙනසුරාදා තරගයේ නිමාව ආසන්න වෙමින් තිබියදී ෂොයිබ් බෂීර්ගේ පන්දුවකට ධනංජය ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව ගිල දැමීමට ‘මිඩ් ඕන්’ හි සිටි ජොෂ් හල් සූදානම් වන අයුරු පිතිකරුවා හොඳින්ම දුටුවේය. තමන් ගැසූ හිතුවක්කාර පහර නිසා කඩුල්ල අහිමි වන්නට යන බව දුටු ධනංජය, තමන්ටම දොස් පවරාගනිමින් පිත්ත වීසිකර දැම්මේය. එහෙත් සියලු දෙනාම විමතියට පත්කරමින් ජොෂ් හල් උඩපන්දුව බිම දැම්මේය. 

ඒ වන විට ලකුණු 23 ක් ලබා සිටි ශ්‍රී ලංකා නායකයා, කමිඳු මෙන්ඩිස් හා එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවක් ද ගොඩනඟමින් අර්ධ ශතකයක් ලබාගත්තේය. එහෙත් ඊයේ පෙරවරුවේදී ධනංජය ද සිල්වා දැවී යාමත් සමගින් ලකුණු 43 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියේය. 

lreKdlr my; mshjr wkq
lreKdlr my; mshjr wkq
lreKdlr my; mshjr wkq
lreKdlr my; mshjr wkq
featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවසර 10 කට පසුව බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විදුහලට
Next Article ලංකාවට හොරෙන් ගෙනා බීඩිකොළ කිලෝ 1222ක් නාවික හමුදාවෙන් අල්ලයි
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.