Author: Buzzer Editor

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලබාගත්තා. ධූරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

Read More

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ වර්තමාන ආනයන රෙගුලාසීන් හි පවතින ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. මෙම සාධාරණ නොවන සීමා කිරීම් නිසා පොදු ප්‍රවාහනය මත යැපෙන ජනතාව, කුඩා ව්‍යාපාර හිමියන් ඇතුළු සියලුම පුරවැසියන් දෛනිකව දුෂ්කරතාවලට මුහුණ දෙන බැවින්, වඩාත් සාධාරණ ආනයන ප්‍රතිපත්තියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳව CMTA පහදා දෙයි. ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තම පවුලේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීම සහ ව්‍යාපාර වර්ධනය කිරීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දෙන…

Read More

මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6 ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තා වල සඳහන් වේ. ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් සියයට 14.2 කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ. පසුගිය වසරේ…

Read More

ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය. ඒ අනුව, කාබුල් අගනුවර සහ තවත් පළාත් කීපයක කාන්තාවන් විසින් පවත්වාගෙන ගිය, කාන්තාවන්ට පමණක් සීමාවුණු රූපලාවණ්‍යාගාර වසා දැමෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජයේ, ‘සදාචාරය සුරැකීම’ පිළිබඳ අමත්‍යාංශ හරහාය. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ටත් බාලිකාවන්ටත් තහංචි රැසක් පැනැවී ඇත. බාලිකා අධ්‍යාපනය තහනම් කර ඇති අතර, කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අද (04) දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල අද පෙරවරුවේ නිවේදනය කරන බවත් ඔහු පැවසීය. ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,000 ට වඩා අඩුවනු ඇති බව කී ඔහු කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව ද සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,186 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,281 ක් සහ කිලෝග්‍රෑම් 2.3…

Read More

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම අද (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම ණය මුදලෙහි සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලබන බවත් රැකියා අභිමුඛ පාඨමාලා සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු සඳහන් කළා. මේ සඳහා තරඟයක් ඇති වුවහොත් දරුවන්ගේ Z-Score එක අනුව තෝරා ගැනීම් සිදුකරන බව මුදල්…

Read More

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට ලෙසයි ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ. ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 33.1කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 169ක් ලබා සිය…

Read More

වැග්නර් කුලී හේවා බළඇණියේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් සිදුවිය. රුසියන් රජය එම කැරැල්ල මැඩලීමට කටයුතු කළ ආකාරය සම්බන්යෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළේ යැයි පැවැසෙයි. නීතිය හා සාමය සුරැකීමට රුසියන් රජය පියවර ගැනීම ප්‍රශංසනීය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි රුසියන් ජනාධිපතිවරයා සමඟ පවසා ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More