Author: Buzzer Editor

Galle Titans vs Dambulla Aura 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 48 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 33 ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Shahnawaz Dahani කඩුලු 2 ක්ද බිනුර ප්‍රනාන්දු හා ධනංජය…

Read More

ඉන්දියාවේ මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම කළේ ඉන්දීය පොලිස් කොස්තාපල්වරයකු බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවෙයි. වෙඩි වැදීමෙන් මියගිය එක් අයකු උසස් පොලිස් නිලධාරියකු බව ද වාර්තා වේ. වෙඩි තැබීම කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුයට ගත් බව ද පැවැසෙයි.(රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේ (01) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ක පමණ තරමක තද සුළං බවට පත්විය හැකියි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා. මිල වැඩි වූ ඉන්ධන වර්ග: මිල අඩු වූ ඉන්ධන වර්ග:

Read More

නව ක්‍රමවේදය හදුන්වාදෙන තෙක්, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව සිදුකරන බව රජය පවසයි.කෙසේ වෙතත්, ඉදිරියේ දී සියලු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම්‍ කාර්‍යාල වෙත දැණුම් දෙන ලෙස ප්‍රතිලාභීන්ගෙන් රජය වැඩිදුරටත් ඉල්ලා සිටි. (දිවයින)

Read More

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Jaffna Kings අතර පැවති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 54 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක්, ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් හා Rahmanullah Gurbaz ලකුණු 21 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, මතීෂ…

Read More

චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. මෙම සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවරට මිලිමීටර 140.7 ක වර්ෂාවක් පතිත විය. එය මේ වසරේ ලැබුණු වැඩිම වර්ෂාපතනය බව ද චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව වසර ගණනාවකට පසු චීනයට බලපෑ ප්‍රබලතම කුණාටුවක් වන අතර, එහි වේගය පැයට කිලෝමීටර 175 ක් බව ද පැවැසෙයි. මේ අතර චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ තවත් සුළි කුණාටුවක් ද චීනයට දෙසට ළඟාවෙමින් පවතින බවය. මෙම සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ…

Read More

අද දිනයේ (31) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත. මුදල් ඉපයීම පරමාර්ථයෙන් තොරව ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන්ම වූ නිර්මාණයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාච්චි සහ මාලී විතානාච්චි යන දෙපලට එකී ගෞරව සම්මානය පසුගියදා ජපානයේ දී පිරිනමා ඇත. රෝගවලින් ආරක්ෂාවීම සදහා ආයුර්වේදයට අනුව කරනු ලබන්නාවු පූර්ව කර්ම සහ පංචකර්ම ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීම්, ඖෂධ පැලැටි සංරක්ෂණය , පැරණි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරන…

Read More

පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් තිබූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස එකඟතාව පළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඩොලර් තැන්පතු වලින් ඔවුන් මෙය මිලදී ගැනීමට කටයුතු කරන බවත් එහිදී තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගින අතර ඒ හේතුවෙන් බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට…

Read More