- පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
- හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක්
- හිටපු ඇමති මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
- පොලීසියේ ලොකු පුටු මාරුවක්
- ට්‍රම්ප්ගේ පය පැටලෙයි
- නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
- හෙට සිට කාලගුණයේ වෙනසක්
- කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්
Author: Buzzer Editor
ඉදිරි සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අනිද්දා (07) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන බදාදා දිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාව වෙතට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දැදුරු ඔය පෝෂක ප්‍රදේශ වලට ඊයේ (03) දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය. වාන් දොරටු 05 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 13800 ක ජල පරිමාවක් මුදාහැරෙන බව ඉංජිනේරුවරයා කීය. මෙම තත්වය ඔයෙහි පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවූවත් ඉදිරි වැසි තත්වය සම්බන්ධයෙන් දැදුරු ඔය පහළ ද්‍රෝනියේ පදිංචි කරුවන්ට සැළකිලිමත්ව සිටින ලෙස වාරි ඉන්ජිනේරු කාර්‍යාලය කියයි.(සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය…
ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ‘අප දැන් ඉන්නේ යුද්ධයේ උච්ඡතම ස්ථානයේ. අපගේ හමුදා හමාස් සටන්කාමීන් සොයමින් කෙමෙන් කෙමෙන් ගාසා තීරයේ පළාත් සහ නගර පීරනවා. දැන් අප ගාසා නගරය වට කර අවසන්’ යැයි ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින – 2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම් මහත්මිය හිමිකරගෙන ඇත. මෙහි අවසන් තරගය 6 වැනිදා රෝහිණී නගරයේ ක්‍රවුන් ප්ලාසාහිදී පැවැත්වේ. තරගාවලිය සඳහා චාමිකා පෙරේදා (නොවැ: 02) ඉන්දියාව බලා පිටත්ව ගියාය. මෙහිදී ඇයගේ ජාතික අධ්‍යක්ෂ ලෙස ඉන්දීය ජාතික අමිත් කුමාර් මහතා කටයුතු කරයි. චාමිකා මීට පෙර මියන්මාරයේ පැවති ‘‘ජාත්‍යන්තර විවාහක රූ රැජින’’තරගාවලිය නියෝජනය කළ අතර එහිදී බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා ගෞරවයට ලක්විණි. මෙවර ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින ’’තරගාවලිය සඳහා රටවල් රැසක විවාහක රූ රැජිනියෝ’’ විශාල සංඛ්‍යාවක් තරග වදිති.…
වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පමණ ඉහළ දමන බවයි වාර්තා වන්නේ. නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. ඊශ්‍රායල හමාස් සටන ආරම්භ වීමෙන් පසු බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙයයි. ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. බ්ලින්කන් ද යුදෙව්වෙකි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද පහර දෙයි. මේ වනවිට එම ප්‍රහාරවලින් ගාසා වැසියන් 9,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ගාසා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අවධාරණය කිරීම මෙම සංචාරයේ අරමුණ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේ (03) බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ සහ යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය…