- පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
- හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක්
- හිටපු ඇමති මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
- පොලීසියේ ලොකු පුටු මාරුවක්
- ට්‍රම්ප්ගේ පය පැටලෙයි
- නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
- හෙට සිට කාලගුණයේ වෙනසක්
- කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්
Author: Buzzer Editor
ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක මූල්‍ය පහසුකමක් ලබා දෙන බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා අද (08) ප්‍රකාශ කළේය. එම මූල්‍යකරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (08) පැවති උත්සවයේදී ස්කොට් නේතන් මහතා මේ බව පැවසුවේය.උත්සවයට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. (සෘජු උපුටාගැනීම:…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මූලික වටයේ 39 වන තරගය කඩුලු 3 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉබ්‍රාහිම් සද්‍රාන් (Ibrahim Zadran) ලකුණු 129 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 91 ක් තුළ බිඳ වැටුණු අතර අනතුරුව පිටියට පැමිණි Glenn Maxwell විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 201…
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත සමාගම පසුගියදා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් International Business Icon Award 2023 (IBIA) සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Medicina Alternativa OIUCM (Alma Ata-1909) සාමාජිකයන් විසින් එම සමාගම වෙත මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් සෞඛ්‍ය වෘත්තිකයින්, වෛද්‍යවරුන් මෙන්ම මහාචාර්යවරුන් හා ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීය. Medicina Alternativa යනු 1962 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති හා අරමුණු වලට අනුකූලව පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයක් වන අතර එහි ප්‍රධාන…
ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉරාන ජනාධිපති රයිසි, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් මෙම ඉල්ලීම කළේ දුරකතන ඇමතුමක් දී, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වමිනි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඉන්දියාවේ කාර්යභාරය වැදගත් බව ඉරාන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙන්වා දී තිබේ. මේ වනවිට ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 10,000 කට වැඩි දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. යුදෙව් ඊශ්‍රායලය, මුස්ලිම් පලස්තීන වැසියන් පීඩාවට පත් කිරීම වැරදි බවත්, පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්…
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මහතා පැවසීය. මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව තැපල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9 පැවැත්වේ. තැපැල් දෙපාර්තමේන්තුව සතු මෙම ගොඩනැගිලි සංචාරක ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 නුවරඑළිය නගර සංවර්ධන පිළිබඳ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇති බව සම්පත් ලියනගේ මහතා…
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගීත බොහොමයක් තුලින් රසික හදවත් තුල නොමැකෙන මතකයන් ඉතිරිකරමින් මියයන විට ඔහු 60 වන වියේ පසු වුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් යැයි පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ අදහසය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවුණු අවස්ථාවේදී ද අබ්බාස් මේ බව යළිත් වරක් තහවුරු කළේය. ඊශ්‍රායලය ලෙස යුදෙව්වන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහිවූ දා පටන්, පලස්තීනුවෝ ගාසා තීරයටත් බටහිර ඉවුරටත් පමණක් සීමා වී සිටිති. ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. පලස්තීන පාලන අධිකාරිය යටතේ පවතින්නේ බටහිර ඉවුර වන අතර, ජනාධිපති අබ්බාස් සිටින්නේ මෙම බටහිර ඉවුරේය. අබ්බාස් නියෝජනය…
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහල දැමිය යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985 කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595 කට අලෙවි කරන බව ද පීරිස් මහතා වැඩිදුරටත් කීය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි. එම මගී ගුවන් පාළම අබලන් ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු ඊයේ (5) දිනයේ ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ලැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි. මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලුපාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කළ හැක.…
අද (06) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහනැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…