ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක මූල්‍ය පහසුකමක් ලබා දෙන බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා අද (08) ප්‍රකාශ කළේය.
එම මූල්‍යකරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (08) පැවති උත්සවයේදී ස්කොට් නේතන් මහතා මේ බව පැවසුවේය.උත්සවයට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.