ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහල දැමිය යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985 කට සහ කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595 කට අලෙවි කරන බව ද පීරිස් මහතා වැඩිදුරටත් කීය.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.