Author: Buzzer Editor

“vivo විසින් Smart Aura Light Portrait සහ අති නවීන Ultra Slim Aesthetic Design සහිත V29 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි” ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන V29 5G පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. සිය V ශ්‍රේණිය සතු නවීන නිර්මාණකරණය, අති නවීන කැමරා ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනයමින් හඳුන්වා දුන් V29 5G දැන් ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමේ හැකියාව පවතී. 120 Hz 3D Curved Screen එකක් සමඟින් පැමිණෙන V29 5G වෙළඳපොළේ පවතින සිහින්ම ස්මාර්ට්ෆෝන් සඳහා නව ප්‍රමිතියක් ඇති කරනු ලබයි. එහි සැලසුම ඡායාරූපකරණ හැකියාවන්හි සැලකිය යුතු වැඩිදියුණු කිරීම් ඇති කරන ලෙස නිර්මාණය කර ඇත.…

Read More

දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. “අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව…

Read More

ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන ඊයේ (09) කොළඹ වරායට සේන්දු විය. ඒඩා බෙලා 2008 වසරේදී ඉතාලියේදී නිෂ්පාදිත නෞකාවක් වේ. ඒඩා බෙලා පසුගිය 1 වැනිදා ඕමානයේ ඛසාබ් වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. මහල් 12 කින් සහ කාමර 1025 කින් යුත් මෙම නෞකාවට මගීන් 2500 කට පහසුකම් සැලසීමට හැකියාව ඇත. සමාජ ශාලා සහ බීමහල් 12 කින් සහ විවේකාගාර 3 කින් සමන්විත මෙම නෞකාවේ අවන්හල් 7 ක් සහ පිහිනුම් තටාක 8 ක් තිබේ. ඒඩා කෲසස් ජර්මනි සමාගම මෙම නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම…

Read More

අද (10) දිනයේද දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

‘ජී7’ රටවල විදේශ ඇමැති හමුව, ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ටෝකියෝ අගනුවරට රැස්වුණු ‘ජී7’ විදේශ ඇමැතිවරුන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් සම්බන්ධයෙනි. සෙසු ‘ජී7’ සාමාජිකයන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට පෙන්වා දුන්නේ, ගාසා තිරයේ පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඊශ්‍රායල හමාස් යුද ගැටුම් තාවකාලිකව නවත්වා මානුෂීය සටන් විරාමයකට යා යුතු බවය. විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් කියා සිටියේ, ‘ජී7’ රටවල් සියලු දෙනා ඊශ්‍රායල හමාස් අර්බුදයේ එකම ස්ථාවරයක සිටිය යුතු බවය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. එම වෙළදසලෙහි සේවකයන් පස් දෙනා වෙනුවෙන් අර්ථසාධක අරමුදලට රුපියල් ලක්ෂ 11ක මුදලක් ගෙවීමට සිදුවන බවත් එම මුදල නොගෙවා සිටීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලා ඇති බවද පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචිකරුවකු කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු බව කියන 54 හැවිරිදි පුද්ගලයෙකි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය…

Read More

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව විසින් ස්තිර කිරීමද විශේෂත්වයක් වන අතර මේ වන විට විවාදය ආරම්භ වී තිබෙනවා. ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච් එම් ඒ පීරිස් ගොවි මහතා මෙම ආදායම් වාර්තාව තබා ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ අක්කර භාගයක මිරිස් වගා කර මෙම ගොවි මහතා රුපියල් ලක්ෂ 70ක් උපයා ඇති බවයි. මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබූ බව අමාත්‍යාංශය කියයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු…

Read More

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී. විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය. එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More