අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච් එම් ඒ පීරිස් ගොවි මහතා මෙම ආදායම් වාර්තාව තබා ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ අක්කර භාගයක මිරිස් වගා කර මෙම ගොවි මහතා රුපියල් ලක්ෂ 70ක් උපයා ඇති බවයි.
මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබූ බව අමාත්‍යාංශය කියයි.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.