Author: Buzzer Editor

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1996 දී එවකට සමාජ සේවා සහ සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ සහන කටයුතු, පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබී ඇති අතර එය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ලෙස නම්කර රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ දක්වා ක්‍රියාත්මකව පවතී. එම මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකර ගත හැකිවන පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන් ,දිසාපතිවරුන් වෙත අවශ්‍ය බලතල පැවරීම පිණිස ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර…

Read More

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

Read More

දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, දරුවකුට ජීවත් වීමට ලෝකයේ ඇති භායනකම සහ අනතුරුදායකම ස්ථානය ගාසා තීරය බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය මේවනවිට අමු සොහොනක් බවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ. ගාසා තීරයේ ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති බවත්, ගාසා තීරයේ පලස්තීන කාන්තාවන් සහ දරුවන් ඉතා දුක්ඛිත ජීවිත ගතකරන බවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බඩ ඉරිගුවගාවට යළි ‘සේනා’ දළඹුවන් පැමිණ හානි කිරීම නිසා අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගොල්ල ගම්මනයේ සහ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බංඩාරදුව ගම්මානවල හේන් වගාවන් සේනා දළඹුවා ගේ දැඩි හානි සිදුවි තිබේ. සේනා දළඹුවා ගෙන් තම වගාව ආරක්ෂා කර ගැනිම සදහා ගොවින් යම් යම් උපක්‍රම භාවිතා කළද ප්‍රථිපලයක් නොලැබුන බව ගොවිහූ සදහන් කරති. අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12500 ක පමණ බඩ ඉරිගු වගා කර ඇති බවත් මෙම තත්වය පාලනය නොවුනහොත් ඉදිරියේදී අස්වැන්න විනාශවී යනු ඇතැයි ඔවුහ් කියති. .කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂක කේ ඒ කේ එස් ලක්මාල් මහතා බඩ ඉරිගු වගා කිරිමට කලින්…

Read More

තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා. මෙය කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර, ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ වනවා. ‍රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි සෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින්, මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ගුවන් මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරන ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර, යළිත් එම ගුවන් යානා රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අද (09) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට තම ජල සැපයුම අත්හිටුවන බවට එම මණ්ඩලය පවසා තිබුණා. ඒ අනුව ඉහත ප්‍රදේශ සඳහා අද පස්වරු 05 සිට හෙට (10) පෙරවරු 09 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පවසනවා. ඒ අනුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ සඳහන් කළේ, මෙම රැස්වීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය නිලධාරීන් කැඳවා තිබූ නමුත් මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් එයට නොපැමිණ එම රැස්වීම මගහැරීමට කටයුතු කළ බවයි. විදුලි බිල සංශෝධනය කිරීමට අදාළව නිවැරදි තාක්ෂණික ඇගයීමක් සිදුකර හෝ නිවැරදි මතයක් ඔවුන්ට නොමැති බවත් ඔවුන් සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් යොමු කළ ගාස්තු වැඩිවීම ඔවුන් අනුමත කිරීම පමණක් සිදුකර ඇති බවයි කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ. වැට් බද්ද ඉන්ධන…

Read More

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇෆ්ගන් තානාපති කාර්යාලය යළිත් ක්‍රියාත්මක කරන බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. නවදිල්ලියේ ප්‍රධාන තානාපති කාර්යාලයට අමතරව, මුම්බායි සහ හයිද්‍රාබාද් කොන්සල් කාර්යාල ද තව දුරටත් සේවා සැපැයීම සිදු කරනු ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. නවදිල්ලියේ තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල වසා දැමීමට, තලේබාන් රජය තීරණය කළේ තලේබාන් රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් නොලැබෙන බවත්, තව දුරටත් ඉන්දීය රජය සමඟ සබඳතා පැවැත්වීමෙන් තේරුමක් නොමැති බවත් පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, යළි තානාපති කාර්යාල කටයුතු ආරම්භ කරමින්, ඇෆ්ගන් තලේබාන් රජය පැහැදිලි කර ඇත්තේ, ඉන්දියාවේ සිටින ඇෆ්ගන් ජාතිකයන්ට අවශ්‍ය සේවා ලබා දීමේ අරමුණින්,…

Read More

තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බවයි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ. මේවා පවත්වා‌ගෙන යාමට අවසර ලබාදී තිබූ බවත්, එවැනි අවස්ථාවක යළිත් ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවත්, ඉවත් නොවන්නේ නම් නඩු පවරන බවට ද දැනුම්දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More