තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බවයි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.
මේවා පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබූ බවත්, එවැනි අවස්ථාවක යළිත් ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවත්, ඉවත් නොවන්නේ නම් නඩු පවරන බවට ද දැනුම්දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.