- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (11) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එයින් ජයග්‍රහණය කළේය. ඒ, සියයට 51 ක ඡන්ද ප්‍රතිශයක් ද හිමිකර ගනිමිනි. ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුරෝපා කටයුතු පිළිබඳ මනා දැනුවක් ඇති දේශපාලනඥයෙකි. ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2014 සිට 2015 දක්වා කාලයේය. 2015 සිට 2016 දක්වා කාලයේ මුදල් අමාත්‍ය ධුරය හෙබවීය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
වෙළඳපොලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය (SLAAP) පවසනවා. VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ. බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, චීන වැසියෝ ඊයේ (10) නව අවුරුදු උදාව සැමරූහ. චීන චන්ද්‍ර දින දර්ශනයට ඊයේ ආරම්භ වූයේ මකරාගේ වසරය. අවුරුදු උදාව පිළිගනිමින්, චීනය පුරා වර්ණවත් සැණකෙළි පැවැත්විණි. පෙරේදා (9) අවුරුදු උදාව සනිටුහන් කරමින් අති උත්කර්ෂවත් අන්දමින්, සංස්කෘතික ප්‍රසංග පැවැත්විණි. එම සංස්කෘතික ප්‍රසංග, ලොව පුරා වැඩිම පිරිසක් සජීවීව නැරැඹූ රූපවාහිනී වැඩසටහන බවට ද පත්වී ඇත. චීනය, සියලු ලෝක වාසීන්ට මකරාගේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ලකුණු 155 කින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක්, ජනිත් ලියනගේ ලකුණු 50 ක්, නොදැවී විශිෂ්ට ලෙස නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක 97 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 3 ක්,…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය. 2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022 වසරේ සමස්ත නැගී එන අපනයනකරු’ යන ගෞරව නාමයෙන් සහ ‘Light Engineering’ අංශයේ කුසලතා සම්මානයෙන් Alumex PLC පිදුම් ලැබූ අතර එමඟින් මෙම සමාගමේ විශිෂ්ටත්වය මෙන්ම නොසැලෙන කැපවීම පිළිබිඹු විය. එමෙන්ම 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේදී ‘යන්ත්‍රෝපකරණ සහ සැහැල්ලු ඉංජිනේරු අංශයේ’ රිදී පදක්කම ද Alumex PLC…
සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ආ Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එහි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
පාන්වල නියමිත බර ඇතිදැයි සොයා බැලීම සඳහා වන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බේකරි සහ වෙළෙඳසැල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50 ක් පමණ වැටලීම් සිදුකර, ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කර තිබෙනවා. පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා නිකුත් කර තිබුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. ටැබ්ලොයිඞ් පුවත්පත් අනුව, යුක්රේනයේ උපන් ජපන් ජාතිකයකු වන කැරොලිනා ෂිනෝ අනියම් ඇයුරක් පවත්වා ඇත්තේ විවාහක වෛද්‍යවරයකු සමඟය. ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු වසං කළ බවත්, රූ රැජින තරගයේ සංවිධායකයන්ට බොරු කී බවත් අනාවරණය වී ඇත. කෙසේ නමුත් කැරොලිනා ෂිනෝ පවසා ඇත්තේ, තමන් එම වෛද්‍යවරයා ඇසුරු කළේ ඔහු විවාහකයකු බව නොදැන බවය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
80 දශකයේ තරගත වුණු, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76 කි. කාල් වෙදර්සගේ පවුලේ අය පැවැසුවේ, ඔහු නින්දේදී අවසන් සුසුම් හෙලූ බවය. කාල් වෙදර්ස තෙවරක් විවාහ වී සිටි අයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රෙඩෙටර් චිත්‍රපට ද කාල් වෙදර්ස රංගනයෙන් දායක විය. ඒ, කර්නල් ඩිලන් ලෙසය. එම චරිතය ද හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය චතිරයක් බවට පත්වී තිබේ. කාල් වෙදර්ස, අවසන් වරට ස්ටාර් වෝර්ස් චිත්‍රපට හා සම්බන්ධ ‘ද මැන්ඩලෝරියන්’ රූපවාහිනී කතාමාලාවට ද රංගනයෙන් දායක විය.…