Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි
Financial 12 Views

ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

Buzzer EditorBy Buzzer EditorFebruary 8, 2024No Comments4 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ  ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය.

2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022 වසරේ සමස්ත නැගී එන අපනයනකරු’ යන ගෞරව නාමයෙන් සහ ‘Light Engineering’ අංශයේ කුසලතා සම්මානයෙන්   Alumex PLC පිදුම් ලැබූ අතර එමඟින් මෙම සමාගමේ විශිෂ්ටත්වය මෙන්ම නොසැලෙන කැපවීම පිළිබිඹු විය. එමෙන්ම 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේදී ‘යන්ත්‍රෝපකරණ සහ සැහැල්ලු ඉංජිනේරු අංශයේ’ රිදී පදක්කම ද Alumex PLC වෙත හිමිවීම සුවිශේෂී ජයග්‍රහණයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තය තුළ අඛණ්ඩ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය පිළිබඳව නව ප්‍රමිතීන් රැසක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කළා. නවීන තාක්‍ෂණය සහ තිරසාර භාවිතයන් වෙත නැඹුරුවීමේ අපගේ ක්‍රියාකාරී ප්‍රවේශය අන්තර්ජාතික වෙළෙඳපල තුළ  අපගේ මුද්‍රාව සනිටුහන් කරමින් දේශීය  අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා  දායකත්වය ලබාදීම කෙරෙහි හේතු වී තිබෙනවා .”

Alumex PLC සමාගම 2019 වසරේ සිට සිය උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන සමඟ ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රය තුළ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.  පසුකාලීනව ඔවුන් අන්තර්ජාතික වෙළෙඳපල වෙතද සිය නිෂ්පාදන බෙදාහරිමින්  ජාත්‍යන්තර වෙළෙඳපල තුළ සිය සන්නාමය සාර්ථකව ගොඩනංවන ලදී.

Alumex PLC සතු උපායමාර්ගික දැක්ම සහ මෙහෙයුම් හැකියාව කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර වෙළෙඳපල වෙත සිය නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක්   අපනයනය කිරීම කෙරෙහි ඉවහල් වී තිබේ. තවද , ඔවුන්ගේ උසස් නිෂ්පාදන සහ අඛණ්ඩ සේවාවන් ඔස්සේ උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන විසඳුම් අපේක්ෂා කරන කර්මාන්ත සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු බවට පත් වීමට ද Alumex PLC වෙත හැකියාව ලැබී ඇත.

Alumex PLC සතු මෙම ඉදිරි ප්‍රවේශය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ගේ අපනයන උපාය මාර්ග විවිධාංගීකරණය කරමින් ශක්තිමත් කිරීමටත් උපකාරී වන අතර එය ගෝලීය වෙළෙඳපල ජයගැනීම සඳහා නව මාර්ග ගවේෂණය කරන ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් වෙනුවෙන්ද මනා සැලැස්මක් සපයයි. පසුගියදින පැවැති වාර්ෂික හරිත සම්මාන ප්‍රදානෝත්සවයේදී තිරසාර නිෂ්පාදන සඳහා වූ රන් සහතිකය ද දිනාගැනීමට Alumex PLC සමාගම වෙත භාග්‍ය හිමිවුණු  අතර  තිරසාරභාවය පිළිබඳව  සමාගම දක්වන  කැපවීම ඒ තුළින් ඉස්මතු විය.එමෙන්ම  ආයතනික වාර්තාකරණය පිළිබඳ වූ CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී Alumex නිෂ්පාදන අංශය රිදී සම්මානයෙන් පිදුම් ලැබීමද සුවිශේෂී කරුණකි.

ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා තීරණාත්මක සන්දිස්ථානයක් වන ESG වෙත සමාගමේ අවධානය යොමු කිරීම පිළිබඳව අදහස් දක්වමින් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Hayleys සමූහ ව්‍යාපාරයෙහි ESG අභිලාෂයන් සහ 2030 වසර සඳහා වූ  මාර්ග සිතියම ප්‍රකාශ කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්කයන්ට සමගාමීව  අපගේ ESG මාර්ග සිතියම ක්‍රියාකාරීව සංවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.ඒ වගේම අපි මේ වන විට ASI සහතිකය ලබාගැනීම වෙනුවෙන්  ද කටයුතු සකස් කරමින් සිටිනවා. වන සංරක්ෂණ ක්‍රියාකාරකම්, තාරුණ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ අපගේ සේවකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයාබැලීම වැනි කටයුතු තුළින් පුළුල් සහභාගිත්වයක් ගොඩනැංවීම  සඳහා  අප කැප වී කටයුතු කරනවා.”

Alumex PLC සමාගම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ 2023 වසරේ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුපිරි රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ ‘Achiever of Industrial Excellence Awards 2023’ හිදී මෙන්ම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2023 හිදී ද ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම 2023 වසරේ ජාතික සැපයුම් දාමයේ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ද දෙවන අනුශූරතාවයෙන් Alumex PLC පිදුම් ලැබීම නිසැකයෙන්ම ඔවුන්ගේ සාර්ථක ගමනේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

ප්‍රමුක් දැදිවෙල මහතා  තවදුරටත් මෙසේ සඳහන් කළේය. “අඛණ්ඩ සංවර්ධනයෙන් සමෘද්ධිමත් වන සේවක කණ්ඩායමක් ගොඩනැගීමට අපි නිරන්තරයෙන්  කැපවී සිටිනවා. මාසිකව අප පිරිනමන සේවක ඇගයීම් සම්මානයන්  අපගේ මෙහෙයුම් කණ්ඩායම්වල විශිෂ්ටත්වය හඳුනාගැනීම කෙරෙහි මනා පිටිවහලක් වන අතර අපගේ ‘වෙළෙඳ පරීක්ෂණය’ තුළින් තාක්ෂණික කුසලතා ශ්‍රේණියේ සේවකයින්ගේ හැකියාවන් සහතික කරනවා. ඒවගේම  ‘Speaker in You’ Toastmasters වැඩසටහන සහ Alumex නායකත්ව සංවර්ධන වැඩසටහන වැනි ප්‍රවේශයන් තුළින් අපගේ කණ්ඩායම් සාමාජිකයින් තවදුරටත් සවිබල ගැන්වීමට අප කටයුතු කරනවා.”

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleOnline Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට
Next Article මුදල් කාරක සභාවේ සභාපතීත්වය නැවතත් හර්ෂ ද සිල්වාට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.