පාන්වල නියමිත බර ඇතිදැයි සොයා බැලීම සඳහා වන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බේකරි සහ වෙළෙඳසැල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්රමාණය මෙන්ම මිල ප්රදර්ශනය නොකළ බේකරි 50 ක් පමණ වැටලීම් සිදුකර, ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කර තිබෙනවා.
පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා නිකුත් කර තිබුණා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.