- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr. ) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි…
ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී තිබෙනවා. ඔහුගේ කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් මෙලෙස තරඟාවලිය අහිමිව ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉහත දක්වන ලද වාස්තු දෝෂ මඟහරවා ගනිමින් සහනයක් ලබාගැනීම සඳහා නිවෙසකට අදාළ මූලික අංග ස්ථානගත කිරීමට මඟපෙන්වීමක් පහත දැක්වේ. මෙවැනි වාස්තු දෝෂ ඔබගේ නිවසේ ද පවතී නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකි ය. කෙසේ වෙතත් මෙවැනි කාර්යයන් වලදී ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකුගේ සේවය ලබා ගැනීම වඩාත් සුදුසු වේ. වාස්තු විද්‍යාව නිර්මාණය වී ඇත්තේ විද්‍යාව, කලාව සහ ඡ්‍යොතිෂය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ත සුසංයෝගයකිනි. එසේම එහි අරමුණ වන්නේ මිනිසාට සුරක්ෂිත සෞභාග්‍යමත් මෙන්ම නිරෝගි දිවිපෙවෙතකට ගැළපෙන නිවහනක් සාදා ගැනීමට මඟ පෙන්වීමයි. ඡ්‍යොතිෂයට අනුව වාස්තු විද්‍යාව යන්න ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ ආකාශ යන පංච මහ බලවේගවල සම්මිශ්‍රණයෙන් බිහිවී ඇති මිනිසාට…
පෙරේදා (27) කොවිඩ් මරණ 02 ක් වාර්තාවී ඇති අතර ඊයේ (28) කොවිඩ් ආසාදිතයින් 17 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,749 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,758 ක් වනවා.
ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙරට ජනතාවගේ ආහාර හා ඖෂධ හිඟය සඳහා ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදෙන බවයි යුරෝපා සංගමය සඳහන් කරන්නේ.
දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහුගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබුවේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත…
ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදලට අදාළ ගෙවීම් භාණ්ඩාගාරය වෙත ලබාදීම අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව රුපියල් බිලියන 6.5 ක් මුදලක් ඉදිරියේදී මහා භාණ්ඩාගාරය වෙත නැවත ගෙවීම සිදුකරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 26 ක් පමණ වන බවත් දෙසැම්බර් මාසය අවසන් වන විට එම මුදල ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නිමා වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරලීම සඳහා අතිරේක ණය පහසුකම් ලබාදීම පිළිබඳ සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa පවසනවා. පිලිපීනයේ මැනිලා නුවරදී පසුගිය 26 වැනිදා ආරම්භ වූ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් ඉතා ප්‍රායෝගික සහ ක්‍රියාකාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සඳහා එකඟවී ඇති බවයි ඔහු සඳහන් කළේ.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම පුහුණුවීම් කටයුතු සඳහා පන්දුයැවීමේ උපදේශකයෙක් ලෙස ලසිත් මාලිංගද එක්ව සිටිනවා.
සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර ඇත. ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. (රොයිටර්ස්) වැඩි විස්තර සඳහා අපගේ Buzzer World News…