Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දුට්ඨගාමිණී අභය නොහොත් දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ 161 – ක්‍රි. පූ 137)
Blog 48 Views

දුට්ඨගාමිණී අභය නොහොත් දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ 161 – ක්‍රි. පූ 137)

Buzzer EditorBy Buzzer EditorSeptember 29, 2022Updated:September 29, 2022No Comments4 Mins Read48 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.

ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. දුටුගැමුණු ලෙස පසු කලෙක හැදින්වෙන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින් පසු ඔහු ධර්මගාමිණී ලෙසද හදුන්වන ලදි. මහවංශයට අනුව දුටු ගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් මහවංශයට අනුවම ඔහු වසින් පරාජය කල එළාර රජ ආක්‍රමණික විදේශිකයෙකු වුවද ඉතා ධාර්මික රජෙකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදයද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.

ලක්දිව දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ අරාබිය, පර්සියාව සහ සමහර බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යයද ඇතුළත් වූයේ යැයි කිව හැක.

තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු ගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අදද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටු ගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.

මහාවංශයේ සඳහන් වන ප්‍රථම කොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.

දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමටද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.

සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින්ද හැඳින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදීය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටු ගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරුද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි මහරහතන් වහන්සේලාද ඉන්දු – ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ මහරහන්වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් ගිහි පැවිදි සැදැහැවත් පිරිස් පැමිණි බව මහා වංශයේ සඳහන් වේ.

තවත් සැළකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්ථූපයක් තැනීමද සඳහන් වේ.

Buzzer.lk සහ Buzzer History හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර සොයා ගන්න.

blog featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලෝක බැංකුව ලබාදුන් ණය පියවීම ලිට්‍රෝ සමාගම විසින් අරඹයි
Next Article යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.