Author: Buzzer Editor

දේශීය ආදායම් පනත සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධන අනුව ආයතන සඳහා අදාළ වන බදු සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (12) ගැසට් මඟින් ප්‍රකාශට පත් කර තිබුණා. අදාළ යෝජිත සංශෝධන පහතින්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනයක ලාභයට පනවා තිබූ බද්ද 14% සිට 30% දක්වා ඉහළට.නිෂ්පාදන ව්‍යාපාර උපයන ලාභය සඳහා 18% ක්ව පැවති බද්ද 30% දක්වා ඉහළට.අපනයන ව්‍යාපාර ලාභ මත පනවා තිබූ 14% බද්ද 30% ක් දක්වා ඉහළට.මත්පැන්, දුම්කොළ, ඔට්ටු දැමීම, සූදු ව්‍යාපාර උපයන ලාභ සඳහා 40% ක බද්දක්.ප්‍රාග්ධන ලාභ බද්දට අදාළව ආයෝජන වත්කම් උප ලබ්ධි කිරීමේදී ගෙවිය යුතු බද්ධ…

Read More

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් වුණා. බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා. පන්දුවට පහරදීමේදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී…

Read More

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අපේ රටේ තියෙන්නේ බොලිවුඩ් සිනමාව තරම් දැවැන්ත සිනමාවක් නොවුණට බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපටි රැසක්ම ලංකාවේ තිරගත වෙලා තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්. බොම්බේ වෙල්වට් බොක්සිං ක්‍රීඩකයෙක් සහ ගායිකාවක් අතරේ ඇති වුණු ප්‍රේමය පිළිබඳ දිගහැරෙන කතාවක් වුණු බොම්බේ වෙල්වට් සඳහා රංගන දායකත්වය දක්වන්නේ කරන් ජොහාර් හා රන්බීර් කපූර් සමඟ අනුෂ්කා ශර්මා. මේ චිත්‍රපටියේ ඉන්දියාවේ බොම්බේ නගරය විදියට රූගත කිරීම් සිදු කරලා තියෙන්නේ ලංකාවේ බව ඔබ දන්නවාද? එහි රූගත කිරීම් සිදු කරල තියෙන්නේ හම්බන්තොට රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ. ඒ වගේම බෙන්තොට පාලම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ගාලුකොටුව වගේ තැන් මේ සඳහා යොදාගෙන තියෙනවා. ඉන් නිරූපණය කරලා තියෙන්නේ මුම්බය නගරයේ හැටේ දශකයයි. වෝටර් මේ…

Read More

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය. ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කළේ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියයි. ඒ, 2020 වසරේදීය. එවකට පැවැතියේ ඉම්රාන් ඛාන් පරිපාලනයයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ දෙවැනි පුතු සුලෙමාන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි. පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය, 2020 නොවැම්බරයේ ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන්ට චෝදනා ගොනු කළේ ඔවුන්ගේ බැංකු ගිනුම් 28 ක් හරහා රුපියල් බිලියන 16.3 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් පමණ) විශුද්ධිකරණය කළ බව පෙන්වා දෙමිනි.…

Read More

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරඟය නැම්බියාවට එරෙහිව ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි.

Read More

එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා කාලය තුළ රජයේ පොහොර සමාගම් දෙක දිවයින පුරා බෙදාහැර ඇති ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,981 ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් හමුදා අධිකරණයක් හමුවේ වරදකාරිය වූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ අනුව, සූ කී ට මෙතෙක් හිමිවී ඇති සිරදඬුවම් කාලය වසර 26 ක් තෙක් දීර්ඝ වනු ඇතැයි පැවැසෙයි. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් 77 හැවිරිදි සූ කී ට එල්ල වී තිබුණු සියලු චෝදනා සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූ බව ද පැවැසෙයි. මේ අතර, තමන් කිසිදු ආකාරයක වරදක් කර නොමැති බව අවුන් සාන් සූ කී තරයේ පවසා තිබේ. තවත් දූෂණ චෝදනා කීපයක් සූ කී ට එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට නියමිතය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World…

Read More

2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ. අදාළ ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අඩු කර තිබෙන අතර, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි මුදලක් හිමි පුද්ගලයින් ආදායම් බදු සඳහා වගකිව යුතු බවටද යෝජනා කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්, https://bit.ly/3fV2PmB

Read More

අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර පෙට්ටියේ දේශීය බෙහෙත් වලටත් ඉඩකඩ වෙන්කරන එක. හෙම්බිරිස්සාවකදී, කැස්සකදී, බඩේ අජීර්ණයට , වමනයට, උණකදී භාවිතයට ගත හැකි කෂාය, ගුළි, කල්ක වගේ දේවල් ඔබේ ගෙදර ඖෂධ පෙට්ටියේ පහසුවෙන් තියාගන්ඩ පුළුවන්. හැබැයි අද කාලේ අලුත් පරම්පරාවේ ගෘහිණියන්ට මේ ගැන හුඟාක් ප්‍රශ්න තියෙනවා. කෂාය තුන්ඩුවේ උපදෙස් අනුව බෙහෙත් හේත් අඳුරන්නේ නැහැ. අද හුඟාක් අය හිතන්නෙ කල්ක කල්තියාගන්ඩ බැහැ කියල නීරෝගිකම අගය කරන පවුලක අම්ම කෙනෙක් නම් ඒවා ගැන දැනුම ලබන්න කාලෙ ඇවිත්. මේ අනුව පළමුව ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු…

Read More