Author: Buzzer Editor

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (20) සමත් වුණා. ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ 1 වන කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිළ එම කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි. සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ පැවැත්වෙන කාලසටහන පහතින්,

Read More

පෘථිවි වායුගෝලයේ වාතය හිරුගෙන් ලැබෙන ආලෝකය අවශෝෂණය කරයි. අහස නිල් වන්නේ ඇයිද යන්නට ඉක්මන්ම සහ පහසුම පිළිතුර එයයි. නිල් ආලෝකය කුඩා, පුළුල් තරංගවල ගමන් කරන නිසා අනෙකුත් වර්ණවලට වඩා වැඩියෙන් විසිරී යයි. ඒවගේම නිල් ආලෝකය වාතය පුරා විහිදෙන අතර අප අහස බොහෝ වෙලාවට නිල් පාටයි. නමුත් ඔබට වඩාත් විස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය නම් ඇයි අහස නිල්, එවිට අපි ඔබට වෙනත් කුතුහලයට අමතරව විද්‍යාත්මක පදනම තව ටිකක් විස්තරාත්මකව කියන්නෙමු. පෘථිවි වායුගෝලයේ සංයුතිය පළමුවෙන්ම, පෘථිවි වායුගෝලයේ සංයුතිය පිළිබඳ කෙටි හැඳින්වීමකින් ආරම්භ කරමු. වායුගෝලයේ සංයුතිය අප අහස දකින පරිදි පැහැය සඳහා බලපායි. වායුගෝලය යනු අපගේ ග්‍රහලෝකයේ පිටතම ස්ථරය වන අතර එය සැහැල්ලු වන…

Read More

කොළඹ ප්‍රදේශ රැසකට අද (22) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද (22) රාත්‍රී 10.00 සිට හෙට (23) මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණා. ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට සිදුකිරීමට තිබූ ජල කප්පාදුව මෙලෙස අත්හිටුවා තිබෙනවා.

Read More

ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01 ලැබුණා.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ නව නිල ලාංඡනය එළිදක්වා තිබෙනවා. ඒ අනුව නව නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා විවෘත ආරාධනාවක් කළ අතර එලෙස ලැබුණු නිල ලාංඡන අතරින් එකක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

Read More

ශරීරයට හිතකර ආහාර ගන්න උනන්දුවක් තියන අයට පෝෂ්‍යදායී ග්ලූටන් ෆ්‍රී රෙසිපි ටිකක් ගේන්න හිතුවා. අධික තරබාරුව, හෘදයාබාධ වගේ රෝග තත්ත්වයන් බහුල​ව දකින්න පුළුවන් මේ කාලෙ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉස්සර වගේ කුඹුරු කොටන, පයින් ඇවිදින සමාජයක් තවදුරටත් නැති නිසා අපේ ආහාර වේල් අපේ ජීවන රටාව අනුව වෙනස් කරගන්න එක වැදගත්. එහෙම හිතන අය එහෙනම් මේ රෙසිපි ටික අනිවාර්යයෙන් බලන්න. 1. Scrambled Egg Tacos අවශ්‍ය ද්‍රව්‍ය ග්ලූට්න් ෆ්‍රී ටෝටියා 8ක්තලාගත් සුදුළූණු බික් 2ක්ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් බේබි ස්පිනෑච් ටිකක් සූදුරු තේ හැඳි 1/2කෝන් ටිකක් බිත්තර 8දෙහි යුෂ මේස හැඳි 1ඔලිව්තෙල් ටිකක් සවර් ක්‍රීම් මේස හැඳි 2 සාදාගන්නා ක්‍රමය…

Read More

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හාමුදුරුවෝ අපේ රටින් බිහිවෙච්ච සුවිශේෂී භික්ෂූන්වහන්සේ නමක්. උන්වහන්සේ ජීවතුන් අතර හිටපු කාලයේදී බොහෝ දෙනෙක් විශ්වාස කළේ උන්වහන්සේ මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේ නමක් කියලා. ඒ වගේම උන්වහන්සේ සම්බන්ධයෙන් විවිධ ආශ්චර්යජනක කතා අපේ සමාජයේ පැතිර ගියා. අපි අද උන්වහන්සේ පිළිබඳව වැඩි දෙනෙක් නොදන්න තොරතුරු කීපයක් ගැන කතා බහ කරමු. 1. බළන්ගොඩ මෛත්‍රෙය  හාමුදුරුවන්ගේ මුල් පැවිදි නම  1896 අගෝස්තු 23 වැනිදා උපත ලබපු විලියම්ට ඒ ගෙදර අය වගේම ගමේ අයත් කතා කරන්නේ “පුංචි මහත්තයා” කියන නමින්. සංසාරය පුරාවට පතාගෙන ආපු ප්‍රාර්ථනාවක් විදිහට පැවිද්දට හිත යොමු වෙන පුංචි මහත්තයා 1911 මාර්තු 2 වැනිදා බළන්ගොඩ උඩුමුල්ලේ නන්දාරාමය දී පැවිදි දිවියට එළඹෙනවා.…

Read More

එක්සත් රාජධානියේ අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. මෙතෙක් එක්සත් රාජධානියේ කෙටිම කාලයක් සේවය කළ නායකයා බවට ලිස් ට්‍රස් පත්වන අතර ඇය සති හයක පමණ කාලයක් සිය ධූරයේ කටයුතු කර තිබෙනවා. කොන්සර්වේටිව් පක්ෂයෙන් තේරී පත් වූ ජනවරම ලබා දිය නොහැකි බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. සතියක් ඇතුළත තවත් කොන්සර්වේටිව් නායකත්ව මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර, සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජුටද දැනුම්දී තිබෙනවා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More