Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 100%ක් ග්ලූට්න් ෆ්‍රී (Gluten Free) ඩිනර් රෙසිපි 7ක්
Food 10 Views

100%ක් ග්ලූට්න් ෆ්‍රී (Gluten Free) ඩිනර් රෙසිපි 7ක්

Buzzer EditorBy Buzzer EditorOctober 21, 2022No Comments5 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශරීරයට හිතකර ආහාර ගන්න උනන්දුවක් තියන අයට පෝෂ්‍යදායී ග්ලූටන් ෆ්‍රී රෙසිපි ටිකක් ගේන්න හිතුවා. අධික තරබාරුව, හෘදයාබාධ වගේ රෝග තත්ත්වයන් බහුල​ව දකින්න පුළුවන් මේ කාලෙ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉස්සර වගේ කුඹුරු කොටන, පයින් ඇවිදින සමාජයක් තවදුරටත් නැති නිසා අපේ ආහාර වේල් අපේ ජීවන රටාව අනුව වෙනස් කරගන්න එක වැදගත්. එහෙම හිතන අය එහෙනම් මේ රෙසිපි ටික අනිවාර්යයෙන් බලන්න.

1. Scrambled Egg Tacos

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ග්ලූට්න් ෆ්‍රී ටෝටියා 8ක්
  2. තලාගත් සුදුළූණු බික් 2ක්
  3. ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් 
  4. බේබි ස්පිනෑච් ටිකක් 
  5. සූදුරු තේ හැඳි 1/2
  6. කෝන් ටිකක් 
  7. බිත්තර 8
  8. දෙහි යුෂ මේස හැඳි 1
  9. ඔලිව්තෙල් ටිකක් 
  10. සවර් ක්‍රීම් මේස හැඳි 2

සාදාගන්නා ක්‍රමය

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු හා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. මේකට කෝන් ටික දාලා ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න. මේකට ස්පිනෑච් ටික දාලා විනාඩියකින් වගේ ලිප නිවාගන්න. අන්තිමට මේකට දෙහි යුෂ ටික දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකකට බිත්තර ටික දාලා වතුර මේස හැන්දක් හා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දාලා විස්ක් කරගන්න. 
  • මේක පෑන් එකකට දාලා ස්ක්‍රැම්බල් කරගන්න. ටෝටියා ටික මැදට තෙම්පරාදු කරගත් ස්පිනෑච් හා ස්ක්‍රැම්බල් එග් දාලා, සවර් ක්‍රීම් ටිකක් දාලා කෑමට ගන්න. 

2. Stuffed Zucchini with Black Beans

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. සුකිනි ගෙඩි 4
  2. චොප්කරගත් ළූණුකොළ ටිකක් 
  3. ලුණු හා ගම්මිරිස් කුඩු 
  4. ඔලිව්තෙල් ටිකක් 
  5. චොප්කරගත් සුදුළූණු බික් 2
  6. චොප්කරගත් චෙරි තක්කාලි ටිකක් 
  7. පොඩියට කපාගත් සොසේජස් කරල් 2
  8. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් ටිකක් 
  9. කොත්තමල්ලි කොළ ටිකක් 

සාදාගන්නා ක්‍රමය

  • සුකිනි ගෙඩි දික් අතට දෙකට පළලා ඇතුලෙ තියෙන ඇට ටික අයින් කරගන්න. මේකට ඔලිව්තෙල් ටිකක් බ්‍රශ් කරලා ලුණු හා ගම්මිරිස් කුඩු ඉහලා බේකින් ශීට් එකක තියලා සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් බේක් කරගන්න. 
  •  වෙනම පෑන් එකකට ඔලිව්තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු හා සොසේජස් දාලා ෆ්‍රයි කරගන්න. මේකට චොප්කරගත් තක්කාලි දාලා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු ඉසගන්න. 
  • මේකට චොප්කරගත් ළූණුකොළ ටිකත් දාලා ටිකකින් ලිප ඕෆ් කරන්න. රෝස්ට් කරගත් සුකින් මැදට මේ මිශ්‍රණය දාලා මොසරැල්ලා ටිකක් ග්‍රේට් කරලා දාලා ආයෙ විනාඩි 8ක් විතර බේක් කරගන්න. කෑමට පෙර කොත්තමල්ලි කොළ උඩින් කඩලා දාගන්න. 

3. Fish with Creamy Feta Cucumbers

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ඔලිව්තෙල් ටිකක් 
  2. ලෙමන් ගෙඩියක්
  3. කටු රහිත මාළු තීරු 3
  4. පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩියක්
  5. ෆෙටා චීස් ටිකක් 
  6. ග්‍රීක් යෝගට් කෝප්ප 1/4
  7. චොප්කරගත් මින්චි කොළ කෝප්ප 1/4
  8. ලුණු හා ගම්මිරිස් කුඩු 

සාදාගන්නා ක්‍රමය

  • මාළු වලට ලුණු හා ගම්මිරිස් කුඩු දාලා සීසන් කරගන්න. පෑන් එකක් ලිපේ තියලා ලෙමන් ගෙඩියෙන් බාගයක් කපලා දාගන්න. මේකට සීසන් කරපු මාළු දාලා රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න. 
  • වෙනම බෝල් එකකට පිපිඤ්ඤා පෙති දාලා රස අනුව ලුණු එකතු කරගන්න. මේකට ලෙමන් පොතු ටිකක් ග්‍රේට් කරලා ලෙමන් යුෂ තේ හැඳි 2ක් දාගන්න. ෆෙටා චිස් හා ග්‍රීක් යෝගට් ටිකත් දාලා දෙහි යුෂ ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. අන්තිමට චොප්කරගත් මින්චි කොළ හා ගම්මිරිස් කුඩු ටිකක් ඉහගන්න. 
  • ප්ලේට් එකකට ෆ්‍රයි කරගත් මාළු හා ලෙමන් කෑල්ලක් තියලා පැත්තකින් සාදාගත් සැලඩ් එක එක්ක පිළිගන්වන්න. 

4. Hasselback Chicken

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ක්‍රීම්චීස් කෝප්ප 1
  2. චොප්කරගත් අමුමිරිස් කරල් 4
  3. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
  4. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
  5. ලුණු හා ගම්මිරිස් කුඩු 
  6. ඩබල් ක්‍රීම් කෝප්ප 3/4
  7. චිකන් බ්‍රෙස්ට් 4
  8. බේකන් ටිකක් 
  9. චෙඩාර් චීස් පෙති ටිකක් 

සාදාගන්නා ක්‍රමය

  • ක්‍රීම්චීස් වලට අමුමිරිස්, මොසරැල්ලා, චෙඩාර්, ලුණු, ගම්මිරිස් කුඩු හා ඩබල් ක්‍රීම් දාලා හොඳට කලවම් කරගන්න. 
  • චිකන් බ්‍රෙස්ට්ස්වල තරමක කැපුම් කිහිපයක් දාගන්න. ඒ කැපුම් වලට බේකන් හා චීස් පෙති මාරුවෙන් මාරුවට තියන්න. ලුණු හා ගම්මිරිස් කුඩු ඉසගන්න. 
  • උඩින් සාදාගත් චීස් මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න. 

5. Mini Cheese Bread Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. මොසරැල්ල චීස් කෝප්ප 3/4
  2. ක්‍රීම්චීස් මේස හැඳි 2
  3. ආමන්ඩ් පිටි කෝප්ප 1/4
  4. බේකින් පව්ඩර් තේ හැඳි 2
  5. ගාලික් පව්ඩර් තේ හැඳි 1/4
  6. බිත්තර1
  7. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/2
  8. තම්බාගත් මස් පෙත්තක්
  9. පෙතිකපාගත් තක්කාලි ගෙඩි 1
  10. සලාද කොළ කිහිපයක් 

සාදාගන්නා ක්‍රමය

  • මොසරැල්ලා හා ක්‍රීම්චීස් තප්පර හැටක් මයික්‍රොවේව් කරන්න. වෙනම බෝල් එකකට ආමන්ඩ් පිටි, බේකින් පව්ඩර්, ගාලික් පව්ඩර් හා බිත්තරය දාලා කලවම් කරගන්න. චීස් මිශ්‍රණය මේකට දාලා කලවම් කරන්න. මේකට චෙඩාර් චීස් එකතු කරන්න. කලවම් කරලා ඩෝ එක අනලා රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • ලෑල්ලකට ආමන්ඩ් පිටි ටිකක් ඉහළා ඩෝ එකෙන් පොඩි බෝල හදලා අතින් පොඩ්ඩක් තද කරන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න. 
  • දැන් මේ එකක් අරගෙන අනික් පැත්ත හරවලා සලාද කොළයක් තියලා, තම්බාගත් මස් පෙත්තක් තියලා තක්කාලි පෙත්තක් දාලා, උඩින් තව චීස් පැටී එකකින් වහලා කෑමට ගන්න. 

6. Zucchini Cream Soup

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. බටර් මේස හැඳි 2
  2. චොප්කරගත් සුකිනි ගෙඩි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. තලාගත් සුදුළූණු බික් 2

සාදාගන්නා ක්‍රමය

  • පෑන් එකට බටර් දාලා මෙල්ට් වෙනකොට ළූණු ටික දාගන්න. ළූණු ටික තෙම්පරාදු උනාම සුදුළූණු ටික දාගන්න. 
  • ඊළඟට සුකිනි ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න. වතුර කෝප්ප 1/2ක් වගේ දාලා  හැඳිගාන්න. විනාඩි 20ක් වගේ වහලා තියලා ලිපෙන් බාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • බ්ලෙන්ඩ් කරගත් සුප් එක ආයෙ ලිපේ තියලා මොසරැල්ලා චීස් ටික දාලා කලවම් ​කරන්න. උඩින් කෑලිමිරිස් ටිකක් ඉහලා ලිපෙන් බාගන්න. 

7. Cheese Potato Cake

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. බිත්තර 3
  2. ලුණු හා ගම්මිරිස් කුඩු 
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. කිරි කෝප්ප 1/2
  5. තම්බාගත් අල 4
  6. ඔලිව්තෙල් මේස හැඳි 2
  7. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1

සාදාගන්නා ක්‍රමය

  • බෝල් එකකට බිත්තර කඩලා දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු හා කිරි දාලා විස්ක් කරගන්න. වෙනම බෝල් එකකට අල ටික පෙති කපලා දාලා ඔලිව්තෙල් දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු ඉහලා, අල පෙති නොකැඩෙන සේ කලවම් කරගන්න. 
  • ට්‍රේ එකකට බටර් ගාලා අල වලින් කොටසක් අතුරගන්න. ඊට උඩින් චීස් ලේයර් එකක් දාගන්න. ඒකට උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. නැවත අල හා චීස් ලේයර් දාගෙ​න සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් බේක් කරගන්න. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.

featured Food pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ අප්‍රකට කතා
Next Article LPL 2022 නව නිල ලාංඡනය එළි දැක්වේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.