Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ අප්‍රකට කතා
Blog 13 Views

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ අප්‍රකට කතා

Buzzer EditorBy Buzzer EditorOctober 21, 2022No Comments5 Mins Read13 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හාමුදුරුවෝ අපේ රටින් බිහිවෙච්ච සුවිශේෂී භික්ෂූන්වහන්සේ නමක්. උන්වහන්සේ ජීවතුන් අතර හිටපු කාලයේදී බොහෝ දෙනෙක් විශ්වාස කළේ උන්වහන්සේ මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේ නමක් කියලා. ඒ වගේම උන්වහන්සේ සම්බන්ධයෙන් විවිධ ආශ්චර්යජනක කතා අපේ සමාජයේ පැතිර ගියා. අපි අද උන්වහන්සේ පිළිබඳව වැඩි දෙනෙක් නොදන්න තොරතුරු කීපයක් ගැන කතා බහ කරමු.

1. බළන්ගොඩ මෛත්‍රෙය  හාමුදුරුවන්ගේ මුල් පැවිදි නම 

1896 අගෝස්තු 23 වැනිදා උපත ලබපු විලියම්ට ඒ ගෙදර අය වගේම ගමේ අයත් කතා කරන්නේ “පුංචි මහත්තයා” කියන නමින්. සංසාරය පුරාවට පතාගෙන ආපු ප්‍රාර්ථනාවක් විදිහට පැවිද්දට හිත යොමු වෙන පුංචි මහත්තයා 1911 මාර්තු 2 වැනිදා බළන්ගොඩ උඩුමුල්ලේ නන්දාරාමය දී පැවිදි දිවියට එළඹෙනවා. දාමහන ධම්මානන්ද මහා නායක හාමුදුරුවෝ සහ දෙනිහේනේ සීලානන්ද මහනායක හාමුදුරුවෝ තමයි උන්වහන්සේගේ  ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා බවට පත් වෙන්නේ. පැවිදි දිවියට එළඹෙද්දී උන්වහන්සේට ලැබෙන නම තමයි “බළන්ගොඩ සරණගවේසී” කියන නම. එදා ඉඳන් බළන්ගොඩ සරණගවේසී සාමණේර හාමුදුරුවෝ තමන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලා සෙවණෙහි වැඩ වෙසෙමින් බණ දහම් වගේම පාලි සංස්කෘත භාෂාවලත් ප්‍රවීණ‍යෙක් බවට පත් වෙනවා. 1916 ජූලි 14 වැනි දා මේ සාමණේර හාමුදුරුවෝ බළන්ගොඩ ඕලුගංතොට සීමා මාලකයේ දී උතුම් උපසම්පදාව ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ නම “බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය” නමින් වෙනස් කරනවා.

2. තනතුරු ප්‍රතික්ෂේප කෙරූ මහනායක හාමුදුරුවෝ

බළන්ගොඩ මහනායක හාමුදුරුවෝ අයත් වුණේ අමරපුර නිකායේ කොටසක් වුණු සබරගමුවේ අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායට. රාස්සගල පාර්ශවය කියලත් මේ නිකාය හඳුන්වනවා. 1956 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර නිකායේ කොටස් සියල්ලම එකතු වී සංඝ සභාවක් පිහිටුවා ගත යුතුයි යන මතයක් බෞද්ධ ජනතාව අතර ගොඩ නැගෙමින් පැවතුණා. ඒ සඳහා මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගත්තා .ඒ අනුව 1969 සැප්තැම්බර් 03 වැනිදා පිහිටුවා ගැනෙන අමරපුර මහා සංඝ සභාවේ පළමු සභාපති ධූරය සඳහා සියලුම පාර්ශවවල එකඟත්වය මත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය  මහනායක ස්වාමීන්වහන්සේව පත්කර ගත්තා. නමුත් උන්වහන්සේ එම තනතුරේ වැඩිදුරට කටයුතු කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. අවසානයේ දී බොහෝ ගිහි පැවිදි උගතුන් ගේ බල කිරීම මත වසර පහකට පමණක් එම ධූරය දැරීමට උන්වහන්සේ එකඟත්වය පළ කළා. වසර පහ අවසානයේ එම තනතුරෙන් උන්වහන්සේ ඉල්ලා අස්වුණා.

3. කොමියුනිස්ට්වාදය එපා වුණු බළන්ගොඩ හාමුදුරුවෝ 

ගොඩක් දෙනෙක් තුළ පවතින වැරදි මතයක් තමයි බළන්ගොඩ මහා නායක හාමුදුරුවෝ කොමියුනිස්ට්වාදය වගේම සමසමාජවාදය වර්ණනා කළා කියලා. උන්වහන්සේ මුල් කාලෙදි සම සමාජ දර්ශනය තුළ සාංඝික දේපළ සංකල්පයට සමාන දර්ශනයක් ඇතුළත් වන නිසා එය පිළිගත්තත් පසු කාලයකදී කොමියුනිස්ට්වාදීන් දැඩි බෞද්ධ විරෝධීන් බව වටහා ගැනීමෙන් පසුව එම දර්ශනය විවේචනය කරන්න කටයුතු කරලා තියෙනවා. එක්තරා ආයතනයක් විසින් උන්වහන්සේ කොමියුනිස්ට්වාදය වර්ණනා කරමින් මුල් කාලයේ ලියපු ලිපි එකතු කරලා පොතක් පළ කරලා තිබ්බත් උන්වහන්සේගේ විවේචන ඇතුළත් කරලා නැහැ.

4. මතු භවයට ඉගෙනගත් මහනායක හාමුදුරුවෝ 

මහනායක හාමුදුරුවන්ගේ චරිතයේ තිබ්බ සුවිශේෂීම ලක්ෂණයක් තමයි මුළු ජීවිත කාලයම ඉගෙන ගන්න කැප කරපු එක. උදාහරණයක් විදිහට උන්වහන්සේ පරිගණකය හදාරන්න ගන්නෙ අවුරුදු අනූ පහේදී. උන්වහන්සේ වොෂින්ටනයේ වැඩ වාසය කරද්දී එහිදී මුණ ගැසුණු දායකයෙක් තමයි පළවෙනි පරිගණකය පූජා කරන්නෙ. උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කියන විදියට පරිගණකය පාවිච්චි කරන ආකාරය ගැන උන්වහන්සේ සටහන් පොතක් ලියා ගෙන  තියෙනවා. ඒ සටහන් මෙන්න මේ ආකාරයේ වුණාලු “Start යතුර ඔබනු” දැන් “මැකීමට Backspace යතුර ඔබනු” ආදී වශයෙන්. ඒ වගේම අපවත් වන මොහොත දක්වා ම උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා විවිධ පොත පත කියවලා තියෙනවා. දවසක් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ විහිළුවට වගේ අහලා තියෙනවා “ඔබ වහන්සේ මොන විභාගෙටද මේ පාඩම් කරන්නේ” කියලා. මහනායක හාමුදුරුවෝ උත්තර දීලා තියෙන්නේ “මට ඊළඟ භවයේ විභාගේ ගනිද්දි ලේසි වෙයි” කියලා. 

5. විහාරයෙන් එළියට බැහැපු මහනායක හාමුදුරුවෝ

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බළන්ගොඩ මහනායක හාමුදුරුවෝ කෙරෙහි අතිමහත් ගෞරවයකින් යුක්තව කටයුතු කරපු කෙනෙක්. කිසිම අවස්ථාවක උන්වහන්සේව දේශපාලන වේදිකාවට සම්බන්ධ කර ගැනීමට ඔහු උත්සාහ කළේ නැහැ. එතුමා විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ චිත්ත විවේකාශ්‍රමය නමින් විහාරස්ථානයක් ඉදි කරලා මහා නායක හාමුදුරුවන්ට පූජා කළා. ඒ කාලයේදී ස්ථීර විහාරස්ථානයක් නොතිබුණු භික්ෂූන් වහන්සේ නමකුත් එම විහාරයේ නැවතීමට මහනායක හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවා. කරුණාවේ ප්‍රතිමූර්තියක් වුණු මහනායක හාමුදුරුවෝ දෙවරක් නොසිතාම ඒ ඉල්ලීමට එකඟ වුණා. ප්‍රේමදාස මහත්මයාගේ මරණයෙන් පස්සේ අර භික්ෂුවට පන්සල අයිති කරගන්න අවශ්‍ය වුණා. මේ පන්සල තමන්ට අයිති බවත් මහ නායක හාමුදුරුවෝ පිටවිය යුතු බවත් අර භික්ෂූන් වහන්සේ කියපු ගමන් මහනායක හාමුදුරුවෝ හැරමිටියත් අරගෙන පිට වෙලා කෙලින්ම නැවතුනේ තමන් වහන්සේගේ මුල් පන්සල වුණු බළන්ගොඩ උඩහමුල්ලේ නන්දාරාමයේ. අර භික්ෂූන්වහන්සේ කළ කම් පරිද්දෙන් ඊට වසර ගණනාවකට පස්සේ හදිසි‍යේ අපවත් වුණා.

6. ෂෝකෝ අසහාරා ට මහා නායක හාමුදුරුවරු රැවටුනාද?

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවො ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් උන් වහන්සේ  විවේචනය කරන්න පෙළඹෙන එක සිදුවීමක් තමයි වතාවක් ෂෝකෝ අසහාරා පිළිබඳව උන්වහන්සේ ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරල තිබීම (ෂෝකෝ අසහාරා කියන්නේ  ආගමික නායකයෙක්, පසු කාලයකදී ඔහුට සමූහ මිනිස් ඝාතනයක් සිදු කිරීම නිසා ජපන් අධිකරණය මගින් මරණ දඬුවම ලබා දෙනවා). නමුත් උන්වහන්සේගේ සමීපතමයන් මෙම සිදුවීම ගැන මෙහෙම පැහැදිලි කරනවා. බළන්ගොඩ මහනායක හාමුදුරුවන්ව මුණගැහෙන කාලේ ෂෝකෝ අසහාරා තුළ ඇත්තටම ආධ්‍යාත්මික දියුණුවක් තිබිලා තියෙනවා. ඔහු ලෞකික ධ්‍යාන ලබා ගත්ත පුද්ගලයෙක් කියලත් හිතන්න පුළුවන්. බොහෝ ජපන් ජාතිකයන් ඔහු ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා දැකලා තියනවා. බුද්ධ කාලයේ හිටපු දේවදත්ත ස්වාමීන්වහන්සේ වගේම පස්සේ කාලෙක අසාහාරා ඒ ධ්‍යාන නිසාම නොමඟ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඊට වසර ගණනාවකට පෙර අසහාරා ගැන ධනාත්මකව කතා කළා කියලා උන් වහන්සේව විවේචනය කිරීම අසාධාරණ දෙයක් කියලයි අපිට වැටහෙන්නේ.

7. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට මඩිහේ මහා නායක හාමුදුරුවන් පැනවූ තහනම 

මේ කතාව සෘජුවම ආනන්ද මෛත්‍රෙය මහනායක හාමුදුරුවන්ගේ ජීවිතයට සම්බන්ධ කතාවක් නම් නෙවෙයි. හැබැයි ලංකාවේ නිලනොලත් සංඝරාජ හාමුදුරුවෝ විදිහට සලකපු මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හාමුදුරුවෝ කොතරම් දුරට බළන්ගොඩ මහනායක හාමුදුරුවෝ කෙරෙහි ගෞරව භක්තියෙන් හිටියද කියන එක මේ කතාවෙන්  පැහැදිලි වෙනවා. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කියන්නේ පඤ්ඤාසීහ හාමුදුරුවන්ගේ ගෝලයෙක්. මේ කාලෙදි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ හින්දුකරණය වූ බෞද්ධ පුද පූජාවලට දැඩි ලෙස පහර එල්ල කරමින් හිටපු කාලේ. වතාවක් බළන්ගොඩ මහනායක හාමුදුරුවෝ කතරගම දෙවියන් පිළිබඳව කරපු සඳහනක් ගැන ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී විවේචනයට ලක් කරල තිබ්බා. මේ ගැන දැනගන්න ලබපු මඩිහේ මහනායක හාමුදුරුවෝ ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේව කැඳවලා “සෝම, කාව විවේචනය කළත්, බළන්ගොඩ මහනායක හාමුදුරුවන්ව විවේචනය කරන්න එපා” කියලා අවවාද කරලා තියෙනවා. සෝම හාමුදුරුවෝ ඉන්පස්සෙ කිසිම අවස්ථාවක බළන්ගොඩ මහනායක හාමුදුරුවන්ව විවේචනය කරන්න පෙළඹුණේ නැහැ. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලිස් ට්‍රස් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වේ
Next Article 100%ක් ග්ලූට්න් ෆ්‍රී (Gluten Free) ඩිනර් රෙසිපි 7ක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.